ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

31 March, 2012

ඇයි ඇත්තටම මිනිස්සු මේ තරම් කපටි..... වංක

ඇත්තටම මිනිස්සු කියන්නේ පුදුමාකාර කොටසක්....  ජිවිතේ ගෙවාගන්න පුදුම දේවල් කරනවා... සමහර අය විනෝදෙට කරන දේවල් තවත් සමහරු ජිවත් වෙන්න කරනවා...

සමහර අයට නාන්න සල්ලි තියනවා...  සමහර අයට ජිවතේ ගැට ගහ ගන්නවත්  සල්ලි නැ.....

මම මේ රටේ දේශපාලනය ගැන කියනවා නෙමේ... උදේ පාන්දර මම දැකපු පොඩි සිදුවිමක් මට හිතගන්න බැරි උනා මොනවා නිසා එහෙම කලාද කියලා...

කැමට කඩයකට ගිය මට සල්ලි ගෙවන්න යනකොට කවුන්ටර් එක ලග පොඩි කථාවක්...

මමත් පොඩ්ඩක් අහගෙන උන්නා... උදේ පාන්දර අවුරුදු 40ක 45ක විතර අන්කල් කෙනෙක් මේ කඩෙන් කැම අරගෙන....

කැම කාල බිල ගෙවන්නේ නැතුව කියනවා උදේ පාන්දරනේ 2000ක් මාරු කරන්න නැහැනේ.. මම ශෙඩ් එකට ගිහින් මාරු කරගෙන එන්නම් කියලා....

ඇත්තටම ඉතින් උදේ පාන්දරම එහෙම කරන එක හරි නම් නැ තමා.. එත් ඉතින් කාපුවට සල්ලි දෙන එක මෙයාගේ වගකිමනේ..

කැශියර් අය්යා කියනවා කමක් නැ මහත්තයා 2000 දෙන්නකෝ මම මාරු කරලා ගන්නම් කියලා...
ඇත්තටම කාපු කැම වලට බිල රු 80ක් විතර.. එතකොට 1920ක්  ආපහු දෙනවා කියන්නේ ඉතින් කඩේ මාරු ටික ඔක්කොම ඉවරයි වගේ තමා...

(ඔය කට්ටිය යනවා වගේ මැක්ඩොනල්ඩ්, ........ වගේ ලොකු ලොකු ඒවට නම් නෙමේ මම යන්නේ)

එතකොට අර කාපු මනුස්සයා ආයෙමත් කියනවා ඒක මේ උදේ පාන්දර හරි නැ මම මාරු කරගෙන එන්නම් කියලා මිනිහා මාරු වෙලා ගියා...

ශොප් එකේ අනිත් අය මේක දැක්කද කියලා මට වැඩිය මිටර් උනේ නැ.. කොහොම උනත් වෙන කොහෙන් හරි ඕක මාරු කරගෙන ගෙනත් දෙනවට වඩා කාපු තැනින් මාරු කරගන්න එක වටිනවානේ.. එතකොට කාපු ඒවාවත් ඇගට අල්ලනවානේ..

ඇත්තටම මිනිහට සල්ලි නැතිවද?

බැනේ එක වෙන්නේ කොහොමද අතේ 2000ක් තිබුනනේ...

හැමදාම  ඔය 2000න් ද දන්නේත් නැනේ කන්නේ....

බලාගෙන යනකොට මිනිහාත් මාරයි...

ඇයි ඇත්තටම මිනිස්සු මේ තරම් කපටි..... වංක


අහ්.... පොඩි දෙයක් අමතක උනානේ කියන්න... මාව ෆලෝ කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි... මම දැන් 300 පහු කරලා

26 March, 2012

කෙල්ලෙක් කොල්ලෙක් ආදරෙන් බැදෙන්න වයස බලපානවාද?

ටික කාලෙකට එක්සැම් ටෙන්ශන් එකෙන් මිදිලා පොස්ට් එකක් ලියලා... ‍ෆිල්ම් එකක් බලලා පොඩ්ඩක් ඉන්න පුලුවන් කාලයක් උදා වෙලා...

ඇත්තටම මේ අන්තර් ජාලේ ගැන අපි මොනවද දන්නේ.. අන්තර්ජාලෙට පිවිසිලා දන්න කියන ඔය එක එක සයිට් දෙක තුනක් පෙරලලා.. වැඩි හරියක්ම අපි ගෙවන්නේ මේ බ්ලොග් ටික , මාක් අයියාගේ මුනු පොත ‍ටුවිටරේ.. ගුගල් අයියාගේ + එකේ ඇරෙන්න අපි වෙන පි‍ටු පෙරලනවා අඩුද මන්දා... තව කොච්චර නම් දේවල් තියනවද මේ ජංජාලේ....

අද ඉතින් ඔහොම කතාවක් කියලා යන්න නෙමේ මේ හැදුවේ...  ටිකක් විතර ලගින් යන කථාවක්...

මම ඉතින් ඇත්තටම වැඩි හරියක් රස්සාවත් එක්ක ගත කරනකොට (පැය 13ක් විතර) ඉතිරි වෙන්නේ පැය 11යි නිදා ගන්නත් එක්ක.. ඔන්න ඔය නිදාගන්න පැය 11ත් එක්ක බලනකොට මම මේ මුනු පොතේ කොච්චර ඉන්නවද කියලා ඔය පහල පින්තුරෙන්ම බලාගන්නකෝ..

හොදයි නේද මම

ඉතින් ඔය මුනු පොතෙන් මට හොද හොද වාසි එහෙම ඇත්තටම ලැබෙනවා.. තව යාලුවෝ 100ක් විතර එක්ක්කතු උනොත් ඒක 4000ත් පැනලා යනවා..

ඔය යාලුවොත් එක්ක චැට් කරන එක ඉතින් මගේ හොබි එකක්නේ...

මේක මේ ලගකදි උන දෙයක්...

ටිකක් විතර ලස්සන කෙල්ලෙක් එක්ක පොඩි චැටක් දාගෙන උන්නා මම .. අනේ මන්දා සමහර අය මාත් එක්ක ගොඩාක් ඉක්මනට ‍ෆිට් වෙනවා. තවත් සමහරු මම කොච්චර කතා කලත් කතා කරන්නේම නැනේ.. අනේ මන්දා ඉතින්...

කොහොමහරි මේ චැට් කරපු ගර්ල් එක්කත් මම ගොඩාක් ‍ෆිට් උනා (තාමත් එහෙමයි)

කියපු වචන එහෙමම ඕනේ නැනේ... කියපු දේ කෙටියෙන් මෙහෙමයි..

ඒ ගර්ල් ඇත්තටම මගේ වයසේ වගේ තමා... ඒ ගර්ල් ට වඩා වයසින් බාල මල්ලි කෙනෙක් ආදරේ කරනවාලු..... හැමවෙලේම කෝල් කරනවලු.. මැසේජ් කරනවාලු...

ඉතින් දැන් මේ ගර්ල්ට මේක වදයක් වෙලා.. දැන් මේ ගර්ල් මැරි කරන්න උන්නත් මේ බෝයි මේක නවත්වන්නේ නැහැලු.....

මේක නවත්වගන්න බැරිම තැන ගර්ල් ගේ අම්මාට කියලා කිව්වත් අහන්නේ නැහැලු.. මේ ගර්ල්ට වඩා අවුරුදු 5ක්ම බාලයිලු,...

මම ඉතින් ඇහුවා එහෙම එයා හැසිරෙන්න මොකක් හරි අනුබලයක් වත් ඔයා දුන්නද කියලා.. එහෙමත් නැහැලු... දවස් 5,6කට වඩා දැකලාත් නැහැලු.... 

කියනවාලු මම ඔයාට ගොඩාක් ආදරෙයි.... කිය කියා විකාර කතා ගොඩාක්...

ඇත්තටම මේ ආදරේද?

කෙල්ලෙක් කොල්ලෙක් ආදරෙන් බැදෙන්න වයස බලපානවාද?

කොල්ලෙක් තමන්ට වඩා වැඩිමල් කෙල්ලෙක්ට ආදරේ කරන්න බැරිද?

කෙල්ලෙක්ට තමන්ට වඩා බාල කොල්ලෙකුට ආදරේ කරන්න බැරිද?

මොනවද මම මේ කෙල්ලට කියන්න ඕනේ මට තෙරෙන්නේ නැ..... (මිට ටිකක් ලගින් යන පොස්ට් එකකුත් කාලෙකට කලින් නම් දැම්මද කොහෙද? කාලේ වෙනස් වෙලානේ, )

19 March, 2012

අරක්කු , රතිංඤඤා සතුටටද දුකටද?

එක්සෑම් අස්සේ උනත් පොස්ට් එකක් නොදා ඉන්න කොට ඈග කහනවා කහනවා වගේ... අනේ මන්දා මට ලෙඩක්ද කියලා....
පොඩි දෙයක් ගෑන අදත් කතා කරන්න හිතුවා... අලුත් අවුරුද්දත් ලග එනවනේ.. කට්ටියම දෑන් ඉදන්ම රතිංඤඤා (මේ වචනේ ලියගන්න බෑරුව පුදුම දුකක් වින්දේ... කොහොමහරි උගත් සින්හල අති පණ්ඩිත බනි තුමාගේ පිහිටින් ඔය විදිහට ඒ වෑඩේ ගොඩ දාගත්තා... )

ඉතින් දෑන් ඔහොම අමාරුවෙන් ලියා ගත්තේ මොකටද මම...

ඈත්තටම අපි මේ පාවිච්චි කරන්නේ සතුටටද දුකටද?

අපි සතුටට පාවිච්චි කරනවා කියලා හිතුවොත් එක පොඩ්ඩක් සාධාරනයි... මොකද ඕවා පත්තු කරනකොට (පුස් එකක් නොවුනොත්) ලොකු සද්දයක් එනවානේ...
ඒ සද්දේට ආස වෙලා අපි රතිංඤඤා පත්තු කරනවා කියමුකෝ... ඈත්තටම මම නම් වෑඩිය ඒකට කෑමතිත් නෑ...
ඉතින් ඔහොම කරන එකෙන් ඈත්තටම සතුටක් තියෙයිද පරිස්සම් නොවුනොත්...

පරිස්සම් වෙලා කොහොමහරි සතුටු වෙන්න ඒ දේ කලා කියමුකෝ... ඒත් ඈයි අපි අවමගුලකදි ඔවා පත්තු කරන්නේ... එතනත් මෑරුන කෙනා වෙනුවෙන් අපි සතුටු වෙනවද?

එහෙමත් නෑත්නම් වෙලාවකට සතුටු වෙන්න කියලා අපි ගෙනත් තියන ඔය රතිංඤඤා පෙට්ටියෙන් භාගයක් මොනවා හරි සතුටකදි පාවිච්චි කරලා ඉතුරු භාගේ අපි එහෙම දුකකදි පාවිච්චි කරනකොට එක ඈත්තටම හරිද?

අර තව තියෙන්නේ... මොකක් හරි සතුටකදි අරක්කු බිලා ඒකේ ඉතිරි බාගේ මොකක් හරි දුකකදි බොනවා...

එතකොට ඔය අරක්කු කොම්පෑනි ඔවා හදන්නේ බාගයක් සතුට බාගයක් දුක කලවම් කරලද?
මම නම් ඉතින් ඔවා ගෑන ඒ තරම් තියා කොහොමවත් දන්නේ නෑනේ.. ඔය දන්න කියන අය කියලා යන්නකෝ...

මොනවා උනත් ඔය දෙකම ඒතරම් ඕනෙම නෑ...

ඔය දෙවෙනියට කියපු අරක්කු නම් ඈත්තටම ඕනේම නෑ...

14 March, 2012

ඇත්තටම අපි තිරනයක් ගන්න ඕනේ කොහොමද?

අපි අහන්න ඕනේ හිත  කියන දේද?

එහෙමත් නැත්නම් කවුරු හරි කියන දෙයක්ද?

එහෙමත් නැත්නම් අපිට හරි කියලා හිතෙන දේද?

ජිවිතේ අපිට වැඩියෙන්ම වටින දෙයක් අපි හිත කිවා කියලා එහෙම නැත්නම් වෙන කවුරුහරි කිවා කියලා මිස් කරගන්න ඕනද?

ඒ දේ මිස් කරගත්තොත් ජිවිතේට ඊට වඩා වටින දෙයක් ලැබෙන්නත් පුලුවන් සමහර විට නැත්තටම නැති වෙන්න කියලා අපිට අපේ බුද්ධියෙන් හිතනකොට හිතුනොත් අපි මොනවද කරන්න ඕනේ...

මට නම් වුන දෙයක් ගැන නෙමේ... මගෙන් කෙනෙක් දෙයක් ගැන ඇහුවා,... උත්තරයක් දෙන්න මට හිතන්න ඔනා කියලා හිතුනා..

ප.ලි : බ්ලොග් එකේ හෙඩර් එක වෙනස් කලා කොහොමද?

ප.ප.ලි : අර රේකෝඩ් එකේ ඔරිජිනල් ඕනේ නම් මේල් එකක් එවන්න

ඇත්තටම අපි තිරනයක් ගන්න ඕනේ කොහොමද?

12 March, 2012

Buzz Radio නිසා මා උගත යුතු පාඩමක්

කලින් පොස්ට් එක දාලා අදට දවස් 7ක් එ කියන්නේ සතියක් ගිහින්.... පොස්ට් එකක් දාන්න කියලා අද හිත හිතා ඉන්න කොට ගිම්හානි අක්කාගේ ආරාධනයෙන් ආදරණිය නිශාන්තය බස් රේඩියෝවටත් ගොඩ වදින්න පුලුවන් උනා...

එතන උනු කතා බහෙන් පස්සේ ෆේස් බුකියෙන් ගොඩාක් ‍ෆිට් වුනු බ්ලොග් ලොකේ ටිකක් අලුත් කියන නංගියෙක් එක්ක ගියපු චැට් එකක් නිසායි මේ දේ ලියන්න හිතුනේ....

එයා: හාලෝ දේවා අයියා කොහොමද?

මම : හොදින් නංගෝ

එයා : අයියා මොකක් හරි මැච් එකකට යන්නද?

මම : නැ නංගෝ ඇයි එහෙම ඇහුවේ.. ක්‍රිකට් පිත්තක් ඇල්ලුවෙත් නෑ කාලෙකින්

එයා : එහෙමනම් රේඩියෝ එකේ ඔය තරම් ස්පිඩ් කතා කලේ...

මම : ආ නංගි ඔයාත් ඒක ඇහුවද?

එයා : අනිවා අපි ඉති හැමදාම අහනවානේ...

මම : ඇත්තටම ගොඩාක් අවුල් ද?

එයා : එහෙම ලොකු අවුලක් නැ එත් හරි හදිසියෙන් කතා කලේ.. ඔය ඔයා කතා කරන හැටිමද?

මම : එහෙම ස්පිඩ් නම් නැ නංගෝ අද නම් පොඩ්ඩක් ස්පිඩ් කතා කරන්න ඇති නෙට් කට් උනොත් අවුල් නිසා,,

එයා : හරි හරි 22 වැල්ලවත්තේ කුරේ එකට එනවානේ අවුරුදු උත්සවේට බලමුකෝ එදාට

මම : ආහ් අනිවා බලමුකෝ.... ඔන්න ගේට් එක ලගම මම ඉන්නවා... (මෙදා සැරේ මම කෙලින්ම ඔයා ආරාධිත අමුත්තාද කියලා අහනවා නැත්නම් ගිය සැරේ වැප් අයියා ආරාධිත අමුත්තාට ටිකට් කඩන්න ගියා වගේ වෙන්න පුලුවන්නේ...)

එයා : ගිය පාර එහෙම උනාලුද?

මම: එහෙම වෙන්න ගිහින් නුලෙන් බේරුනා කියලා මම දැක්කා බ්ලොග් වල
ඔන්න අනිවා 22 සයිබර් සිහින බක්මහ උලෙලට එන්නම ඔනා

එයා : අනිවා අයියේ අපි එනවා
..................................................................................................................

ඇත්තටම මම නම් නෙට් අවුල් වෙයි කියන බයට වෙන්න ඇති ස්පිඩ් කතා කලේ.. එත් ඇත්තටම අපි අතරේ ඉන්නවා නේද කියන දෙයක් නොතේරෙන ඒ කියන දේ එයාගෙන් හතරපස් පාරක්ම අහන්න වෙන අය..

ඇත්තටම කථා කරනකොට ස්පිඩ් කතා කරන අය මොකක්ද කරන්න ඔනේ... ටිකක් වචන බේක් කරන්නද ඔනේ එහෙම නැත්නම් හිතලා කතා කරන්නද ඕනේ...

සමහර දෙයක් ගැන කියාගන්න ඕන කම තියනකොට ඉක්මනටම එක කියන්න හදනකොට වෙන්නේ හදිසියට කියන මුකුත් නොතෙරෙන එක කියලා මටත් හිතෙනවා....

එකට කරන්න පුලුවන් ඔයාලා දන්න දේවල් කියලා යන්නකෝ...

මෙන්න ඒ බස් එක්ක ගෙවුනු විනාඩි කිහිපය.. මගේ මල්ලි මටත් හොරා මොබයිල් එකෙන් රෙකොඩ් කරපු

ලින්ක් එක දාන්නම්.. මම දන්නේ නැ ප්ලේයර් එකකින් ප්ලේ වෙන්න බ්ලොග් පොස්ට් එකේම දාන විදිහ.. දන්න කෙනෙක් ඒකත් කියලා මම කලින් අහපු එහෙම ස්පිඩ් කතාව හදා ගන්න දන්න කියන දේවලුත් කියලා යන්නකෝ

වි.කො.ලි : මට මේ අවස්තාවට සම්බන්ධ විමට අවස්තාව සලසා දුන් බස් රේඩියෝ සැමට ස්තුතිය...  ඒ වගේම ගිම් අක්කා නවතම බස් සාමාජිකාවටත් ගොඩාක් ස්තුතියි


05 March, 2012

වයර්ලෙස් කමියුනිකේශන් අපි ඒ කාලේත් දැන ගෙන උන්න....

සමාජයේ ඉන්නවානේ එක එක විදිහේ මිනිස්සු.....

ඇත්තටම අපිට ඒ හැමෝමම ආස්‍රය කරන්න වෙනවානේ අපි කැමති උනත් නැතත්.....

සමහර අය කතා කරනකොට අපිට කතා කරන්න ආසයි.. වෙලාව යනවා තේරෙන්නේ නැ.. බ්ලොග් ලොකෙත් මම එහෙම කැමති අය ඉන්නවා..

ඒත් සමහර අය කියවන්න ගියහම කියන්නේ මහ ලොකු කතා.. තමන්ට එහෙම දේවල් ඇත්තෙත් නැ.. ඒත් කියවනවා ගොඩාක් ...

ඇත්තටම ඔයාලා කැමතිද එහෙම කතා අහන්න.... එහෙම අයට අපි කතා කරන්න ඕනේ කොහොමද?

ඇත්තටම අපිට පුලුවන්නම් එහෙම කතා කරන අයට කියන්නේ පම්පොරි කාරයෝ කියලා නේද?

ඔය තමන්ගේ පම්පොරිය ගැන කියවන අයට ගොඩාක් දේවල් ඇත්තටම නැ.. සමහර අය කතා කරන්නේ තමන් කිසි වැඩක් කරන්නේ නැ ඔක්කොම කරලා දෙන්නේ සර්වර්න්ට්ස් ලා.. තමන්ට තියෙන්නේ කාලා බිලා නිදාගන්න විතරයි වගේ කතා කරන අය තමා ඔක්කෝම වැඩ කරන්නේ....

ඇදුමක් ගත්තත් තියන කෙනා ඒවා පෙන්නනේ නැ... නෝමල් අය කියවන අය තමා එක එක ලොකු ශෝ දාන්න යන්නේ.. එත් තෙරෙන්නෙස් නැ ඒ කෙනාට ඒ කරන කියන දේවල් නිසා නැතිවෙන්නේ තමන්ගේ තත්වයම කියලා..

පුලුවන්නම් ඔයාලාත් එහෙම අය මුනු ගැහෙනවා නම් එහෙම කියන අය ඉන්නවා නම් කතා කරනවා නම් ඒ අයටත් එහෙමම කතා කරන්න.. මම නම් කරන්නේ එහෙමයි..

ඔයාලා ඇත්තටම මොකද කරන්නේ එහෙම අයට..


මේ කතාව අහලා තියනවද?

ඇමරිකාව කියන්නේ ලොකු අතිතයක් තියන ජාතියක් නෙමේනේ... ඒත් ඕනා කරා ඇමරිකාවේ ජනාධිපති කෙනෙකුට ඕනා උනා තමන් හරි උසස් අතිතයක් තිබුන කියලා පෙන්නන්න ....

ඉන්දියාවේ ජනාධිපති කෙනෙක් ආපු වෙලාවේ මේ විදියේ නැති දෙයක් තමන්ට තියනවා කියලා පෙන්නන්න ඕනා කියලා හිතපු ඇමරිකාවේ ජනාධිපති තුමා සේවකයෝ ගෙනත් අඩි 20ක් යටට වලක් හැරුවාලු.. හරලා ඉන්දියාවේ ජනාධිපති තුමාට කිවලු බලන්න කියලා.. බලපුවහම වයර් කැල්ලක් තිබුනාලු,.

ඒක බලලා ඇමරිකාවේ ජනධිපති කියනවාලු අපිට ලොකු දියුනු අතිතයක් තියනවා ඔය තියෙන්නේ  ඒ කාලේත් අපේ සන්නිවේදනයේ තිබුනු දියුනුව තමයි කියලා...

ඉන්දියාවේ ජනාදිපතිත් මේක අහගෙන උන්නා, කැමති දෙයක් කියවපන්කෝ අපේ රටටත් එනවානේ කියලා...

ඔහොම කාලයක් ගෙවිලා ඇමරිකාවේ ජනධිපති ආවා ඉන්දියාවට..

අර වගේම අඩි 20ක් හරලා බලන්න කිවා ඇමරිකාවේ ජනාධිපතිට..

බලලා කියනවා කෝ මුකුත් නැනේ අපේ නම් වයර් කැල්ලක් තිබුනා ඒ කාලේ තිබුන සන්නිවේදනය දියුනුව නිසා කියලා

එතකොට ඉන්දියාවේ ජනාධිපති කියනවා ඔයාලා දැන් කතා කරන වයර්ලෙස් කමියුනිකේශන් අපි ඒ කාලේත් දැන ගෙන උන්න කියලා...

සෝ මොන කතාද ඉතින් තවත්.................................

01 March, 2012

මචං............. වැඩේ ගොඩ..

පොස්‍ටුවක් දාන්න තරම් වත් විවේකයක් නැති තරම්..

මේ මාසේ... සැප්තැම්බර් මාසේ කියන්නේ ඉතින් අපේ විභාග මාසනේ..

මේ ගැන බ්ලොග් වලින් (ලියන්න යන දේ ගැන ) ඔයාලා කියවන්න ඇති.. මම මේ ජංජාලෙට ගොඩ උනේ දවස් කිහිපයකට පස්සේ....

එක එක දේවල් ගැන කරන්න කිව වැඩ කෝටියයි..

කෝ අර මම කරන්න කිව එක කරලා නැනේ උබට කොල් එකකුත් දිලා... අනිවා මේ පොස්ට් එක බලලාත් මට බනිවි....

ඇත්තටම මේ දවස් මට ෆුල් කචල්... ප්‍රශ්න කෙලවරක් නැ...

මොනවා කරන්නද?

කොහොම හරි අපි අත ගහපු වැඩක් ගොඩාක් හොදට කරන්න ලැබුනු සතුට මගේ හිතේ පිරිලා...

මචං වැඩේ ගොඩ..

ඔව් අපි මාසයක් තිස්සේ මහන්සි උන වැඩේ පොතේ හැටියට අද වෙන්න ඕනා...

ඔව් ඒ මධුශානි නංගිගේ කථාව..

මාසෙකට විතර කලින් මහේශ් අයියා... ඔන්ලයින් ඇවිත් පුලුවන් උදව්වක් කරන්න මල්ලි කියලා කියනකොට ඇත්තටම මම මේ තරම් දුර ගමනක් යන්න වෙන වැඩක් කියලා මම හිතුවේ වත් නැ...

පුද්ගලික මගේ ජිවිතේදිත් මගේ ප්‍රශ්න වලට උදව් කරපු කෙනෙක් විදිහට මහෙශ් අය්යාව මම දන්නේ බ්ලොග් ලොකෙන් අදුන ගත්තු හොද අයියා කෙනෙක් විදිහට....

අයියා කියපු ඒ දේ ගැන මම ගොඩාක් කල්පනා කලා.. මගේ නංගිත් ඒ වගේම වයසක ඉන්නේ...

ජිවිතේ අපිට මොනවා වෙයිද කියලා කාටද හරියටම කියන්න පුලුවන්......

මේ ගැන කියලා පොස්ට් එකක් දාන්න හිතුවා.... මම මහ ලොකු බ්ලොග් කරුවෙකුත් නෙමේනේ..

සයිබරේ යාලුවන්ට ඕපන් ආරාධනාවකුත් එක්ක මම පොස්ට් එකක් ගොඩාක් විස්තරත් එක්කම මේක බෙදා ගන්න කියලා...

ඇත්තටම හිතටට ශක්තියක් වෙලා ගොඩාක් දෙනෙක් මේ පොස්ට් එක තමන්ගේ බ්ලොග් වල පල කලා.. හැමෝටම නම් වශයෙන් කියන්න අමාරු තරමට..

ඇත්තටම පොඩි මැන්... උබට ගොඩාක් ස්තුතියි...

මොකද ගාල්ලේ හැම තැනම ඇවිදලා (කල්හාර අයියා එක්ක) මේ මධුශානි ඉන්න තෑන හොයාගෙන ඒ විස්තර වල සත්‍යය තාවය තහවුරු කරලා තමන්ගේ සහෝදර පාසලේ නංගියෙකුට උදව් කරන්න පුදුම උනන්දුවක් තිබුනා...

ඒ වැඩේ අද ගොඩ...

විවිධ සාධාර්ණ හේතු කිහිපයක් මත කොටසක් මේ මෙහෙයුමේ බර 100%ක්ම ගන්න විදිහක් නැ කියන කොට ඇත්තටම මහේෂ් අයියාටත් මටත් ටිකක් මේ ගැන බය හිතුනා... මොකද ඒ වෙනකොට අපි මේ කෙල්ලගේ හිතට නැවත ජිවත් වෙන්න පුලුවන් කියන බලාපොරොත්තුව දිලා ඉවරයි...

නැ බන් කවුරු කොහොම කිවත් අපිට මේක කරන්න පුලුවන් කියලා පොඩි මැන් වගේම තවත් අය කියනකොට බර කරට නොගත්තත් මේ වෙනුවෙන් මුදලින් ආධාර කල අය අතරට ඒ පිරිස එකතු විමත් එක්ක අපිට මේ දේ කරන්න පුලුවන් කියන හැගිම ආයෙමත් ඇති උනා..

ඕනයා අයියාව අමතක කරන්නම බැ..

මිට කලින් මම ගොඩාක් කථා නොකරලා තිබුනු ඒත් මම කැමතිම කෙනෙක් (ඇත්තටම ඒ අභිත අයියලා වගේම ගොඩාක් දෙනෙක් ඕනයා ගැන කියලා තිබුනු කථා නිසා)

ඇත්තටම මම ඉමැජින් කරපු විදිහෙම චරිතයක්..

මම දැක්කා මහේෂ් අයියාගේ බ්ලොග් එකෙත් මේක කමෙන්ට් එකක් විදිහටත් දලා තියනවා..

අරක්කුවලට දියකරන සල්ලි මේවගේ දේකට යෙදවීම පවක් නෙමේනෙ . .

මාත් එක්ක කතා කරපු මුල්ම දවසේ මේ ගැන මට කිවේත් ඔහොම කථාවක්මයි.. එදා එකතු වුන මේ කටයුත්ත වෙනුවෙන් ගොඩාක් මහන්සි උන  කෙනෙක් ඕනයා අයියා..

ඉතින් ගොඩාක් පින් අය්යේ නුබටත් නුබේ පවුලේ ලබැදියන්ටත්...

බිග් මැච් අස්සේ එක එක කෙලි අස්සේ.. අසනිප මැද්දේ මේ වෙනුවෙන් දුව පැනපු මහන්සි උනු පොඩි මැන්.. බ්ලොග් එකෙන් මම නොදකින උබේ ජිවිතේ තියන මනුස්සකම මම කොල් කරපු හැම වෙලාවකම ෆේස් බුක්, ජි ටොක් හැම චැටකම මම දැක්කා..

යාලුවා ගොඩාක් පින්....

මේ දේවල් වලට මම පින් දෙන්න ඕනේ නැ.. එතන ඉදන් මදුෂාණිත් ඇයගේ පවුලේ අයත් ඒ දේ අනිවර්යෙන්ම කරන්න ඇති..

සයිබර් අවකාශයේ මිතුරනි ඔබලා සැමටම ගොඩාක් පින්.. මන්ද නුබලා නිසා අද අකාලයේ මිලින වන්නට තිබු ජිවිතයක් යලි වැර විරිය යොදා පිපි දිදුලන්නට වරම් ලබයි...

හැමට පුද්ගලිකව කිව නොහැකි තරමේ ගොන්නකගේ දායකත්වය මේ වෙනුවෙන් ලැබුනු නිසාවෙන් අපේ ඉලක්කය අභිබවා දැරියගේ ඉදිරි ප්‍රතිකාර සදහාද වැය කල හැකි තරමේ විශාල මුදලක් ඔබගේ දායකත්වයෙන් ලැබුනු වග සදහන් කරන්නට කැමත්තෙමු..

සැමට බොහොම පින්.......

ප.ලි : මේ පිළිබද වැඩි විස්තර, ඡායාරුප සමගින් පොඩි මැන් ගේ ලිපියක් බලාපොරොත්තුවෙන්....

ප.ප.ලි : සයිබරයේ සිහින උලෙලට තව දින 51 යි..............

කට්ටිය රෙඩිනේ...............