ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

30 October, 2011

සර් මම යන්නද.. ( පිරිසක් පාලනය කරනවානම් ඔයාලත් මේ වගේද?)

කලින් පොස්ට් එකේ මම මිස් කෙනෙක්ගෙන් බැදලද කියලා අහලා යාලුවෙක්ට උන චාටරයක් කිවනේ... කියෙව්වේ නැත්නම් මෙන්න පාර...
අදත් ඉතින් ඒ වගේ එකක් කියලා ඔයාලා හිතයි මොකද මේකත් සර් මම යන්නද කියාලානේ උඩ ලේබලේ ගහලා තියෙන්නේ..

ටික දවසකට කලින් අහපු කථාවක් නිසා මට මතක් උන කථාවක් තමා මේ මගේ ජිවිතේ කලින් ගෙවපු...

මේක වෙන්නේ මිට අවුරුදු 2 හමාරකට විතර ඉස්සරවෙලා.. ජොබ් එකක් කරලා ඒක එක මාසෙන් දෙකෙන් ඉවර වෙලා අලුත් ජොබ් එකක් ලැබිලා ගිහින් මාසයක් විතර ඇති.. (ශා කියන්න අමතක උනානේ මේ ජොබ් එකේ අලුතත් මට හොද හොද දේවල් උනා.. ඒවා කවදාහරි මේ බ්ලොග් එකක ලියවේවි)

මගේ මේ ජොබ් එක ගාමන්ට් එකක්.සුපවයිස් කරන්න තමා මට තිබුනේ.. මේක ගොඩාක් ලොකු ගාමන්ට් එකක් නොවුනා උනත් ශිෆ්ට් 2කට වැඩ කරන සේවකයෝ 250ක් 350ක් විතර ඉන්න තැනක්.. මට කොහොමත් තිබුනේ 75ක් විතර හැන්ඩ්ල් කරන්න.. මම පොඩි එකා වගේ තමා..

ඒත් මම ඉතින් පොඩ්ඩක් විතර මේ ජොබ් එකට ඇහැ ගහගෙන උන්න නිසාත් මෙතන වැඩ කරපු ලොකු ලොකු පොස්ට් දරන 2,3ක් අදුනන නිසා අවුලක් නැතුව සෙට් වෙන්න පුලුවන් උනා...

......................................................................................................................

මම නයිට් ශිෆ්ට් එකක වැඩ කරපු දවසක තමා මේක උනේ.. මම ඉතින් පොඩ්ඩක් ඔය හැම කෙනා ලගටම ගිහින් පොඩ්ඩක් ඇවිදලා කරලා බලනවා පැයකට හමාරකට සැරයක්...

එදා මම කැන්ටින් එකට ගියා පොඩ්ඩක් කලා එන්න.. එතකොට මම දැක්කා මගේ ශිෆ්ට් එකේ වැඩ කරන කොල්ලෙක් (මට ඒ වෙලාවේ හරියටම ශුවර් එකකුත් තිබුනේ නැ මොකද ඉතින් තාම අලුත්නේ) කැන්ටිමේ පැත්තක කෙල්ලෙක්ගේ අතත් අල්ලගෙන ප්‍රේම ජවනිකාවක්.. (බලන්න බැරි තත්වෙකින් නෙමේ හොදේ)

මම කොහොම හරි ඕක නොට් කරගෙන ඇවිත් බැලුවා හැමෝම ඉන්නවද කියලා.. මගේ සැකේ ගොඩාක් දුරට හරි ගිහින් වැඩ කර කර ඉදපු මැශින් එකක් වැඩ නවත්වලා..

මේ වෙලාවේ කාටවත් එහෙම වැඩ  නොකර ඉන්න පුලුවන් වෙලාවකුත් නෙමේ....

ටික වෙලාවකින් බලනකොට මිනිහා ආයේ ඇවිත් වැඩ...

මට මේක ප්‍රශ්නයක් උන නිසා මම කතාකලා මිනිහට..

දැන් ටිකකට කලින් කොහෙද උන්නේ

කොහෙවත් නෙමේ සර් වැඩ කර කර උන්නේ...

මම බලනකොට උන්නේ නැනේ කොහෙද ගියේ

ආනේ සර් මම පොඩ්ඩක් වොශ් රුම් ගියා.

කැන්ටින් එකේ බිත්තියක් ලගද මෙහේ ඒවා තියෙන්නේ
අනේ සර් දැක්කද මාව.... ඇත්තමට සර් ඒ මම යාලු වෙලා ඉන්න කෙනා අපි ලබන අවුරුද්දේ බදින්න කියලා හිතාන ඉන්නේ... එයා එක ශිෆ්ට් එකක මම එකක.. අපි දෙන්නට හම්බවෙන්න කියලා අමුතුවෙන් වෙලාවල් නැ මට නිවාඩු වෙලාවක එයාට වැඩ.. එයාට නිවාඩු වෙලාවට මට වැඩ...

කථා කරන්නවත් ලැබෙන්නේ වැඩ ඉවරවෙලා එයා යන වෙලවාට ඔය විනාඩි 15,20 විතරයි.. ඒකත් හැමෝම බස් වලට එනකන් විතරයි... ඒකයි සර් මම ගියේ...

ම්හ්...ආදරේ කරන්නත් ඕනා තමයි ඒත් මේ වැඩ කරන වෙලාව ඒ වෙලාවේ ඕවා ගාගෙන බැ..

මට හැබැයි පුලුවන් මෙහෙම දෙයක් කරන්න... මම හැමදාම ඔය විනාඩි 15 ගිහින් එන්න දෙන්න පුලුවන් හැබැයි වෙනදට ගහන කැලි 100 වෙනුවට මට 125ක් ඕනා...
පුලුවන්ද??

පුලුවන් සර්.. අනිවාර්යෙන්ම

ඔය දවසෙන් පස්සේ හැමදාමත් ඔය කියන වෙලාවට මිනිහා මගේ දිහා බලල යන්නද අහනවා... මමත් ඔලුව වනලා හා කියනවා.. හැබැයි ඉතින් ගිහින් ආවට පස්සේ මිනිහා කඩියා වගේ වැඩ..

ඇත්තටම මම එදා සැරෙන් යන්න එපා කිවානම්  මිනිහා හරියට වැඩක් කරන්නෙත් නැ.. ඒකෙන් මට ඇති ලාභෙකුත් නැ මිනිහට ඇති වැඩකුත් නැ.. ඒ හින්දා ඔයාලත් හිතලා බලන්න වැඩක් කරගන්න ඕන උනහම අපි හැමවෙලේම දරුනු වෙලා වැඩේ හරි යන්නෙත් නැ..එහෙමයි කියලා ඔයාලා කාවවත් පාලනය කරන ජොබ් එකක් කරනවානම් ඕනාවට වඩා හැමෝටම බුරුලක් දෙන එකත් හොද නැ.. හිතලා බලන්න තැනට ගැලපෙන හොදම දේ කරන්න

තවත් මේ වගේ එතන උනු කථා නම් තියනවා ඔයාලා කැමති වෙවිද අහන්න...

28 October, 2011

එතකොට මිස් බැදලද???

සමහර විට මේක වෙන්න ඇති මගේ බ්ලොග් එකේ ලියවෙන පුන්චිම කථාව... යාලුවෝ දෙන්නෙක් ඉන්නවා (මේ ඔයයි මමයි එහෙම නෙමේ) එක යාලුවෙකුට ගොඩාක් යාලුවෝ ඉන්නවා.. යන යන තැනක කථා කරන හැමෝ එක්කම ගොඩාක් හොද හිතවතුන් වෙනවා ඒ කියන්නේ හොද ‍ෆිට් එකේ සෙට් වෙනවා... ඒ යාලුවා විතරක් යාලුවෙක් විදිහට ඉදපු එක යාලුවෙක්ට මේක ගොඩාක් ලොකු ප්‍රශ්නයක්... මොකද යන යන තැන කවුරුවත් මිනිහා ගැන ගනන් ගන්නේවත් නැ.. ඔහේ කියවනවා විතරයි කවුරුවත් කැමති නැ මිනිහාව යාලුවෙක් කරගන්න....

දවසක් මේ යාලුවා අර ගොඩාක් යාලුවෝ ඉන්න යාලුවා ලගට ඇවිත් අහනවා කොහොමද ඔය දකින දකින කෙනාව ඔයාගේ යාලුවෙක් කරගන්නේ.. මට කොයි තරම් උත්සහ කලත් එක කරන්න බැනේ...

මෙහෙමයි මම ඉතින් ඔය හැම කෙනෙක් එක්කම හොදට කථා කරනවා... ඉතින් ඒ හින්දා ගොඩාක් අය මාත් එක්ක යාලු වෙනවා...

ඉතින් මොනවද ඔයා අහන්නේ....

මුකුත් අමුතුවෙන් විස්තරයක් නැ ඉතින් මේ දවස්වල මොකද කරන්නේ. කසාද එහෙම බැදලද. මොනවද කරන ජොබ් එක , ලමයි ඉන්නවද ඔවා තමා ඉතින්...

එකත් එහෙමද කියලා මිනිහා පහුවෙනිදම කට්ටිය එකතු වෙන තැනකට ගියා.. එක තැනක තනියම ඉන්න ලස්සන නොනා කෙනෙක් ලගට ගිහින් මෙහෙම අහනවලු

කොහොමද මිස්... මිස් බැදලද??

අකමැත්තෙන් වගේ කෙල්ල නැ කිවලු..

ඊට පස්සේ ආයේ මිනිහා අහනවලු මිස්ට එතකොට ලමයි ඉන්නවද කියලා..

(තේරෙනවානේ බැදලා නැ කිව කෙල්ලෙකුගෙන් ලමයි ඉන්නවාද කියලා අහපුවහම කොහොමද ප්‍රතිචාරේ කියලා)

ආයෙත් ඉතින් එක වැරදි කියලා අර යාලුවාගෙන් තේරුම් අරගෙන පස්සේ දවසකත් ඔහොම යනවලු.

පලවෙනි දවසේ බැදලාද කියලා අහලානේ ගුටි නොකා ගුටි කැවේ කියලා හිතලා මෙහෙම අහනවලු

මිස්ට ලමයි ඉන්නවද?? ඔව් කියපු නිසා පස්සේ මිනිහා අහනවලු එතකොට මිස් බැදලද කියලා....

තේරෙනවානේ ඉතින් බැදපු කෙනෙක්ගෙන් අහපුවහම ලමයි ඉන්නවද කියලා අහලා පස්සේ බැදලද කියලා අහපුවමත් ඉතින් ගුටි නොහම්බ වෙයිද??

ඉතින් යාලුවනේ කතා කරනකොට පරිස්සමින්.....

කථාව පුන්චි නිසා මම පොඩි ගානකුත් දිලාම මාරු වෙන්නම්කෝ... මේක පොඩි ඉරි කැල්ලකින් විසදලා දෙන්නකෝ.. (පාවිච්චි කරන්න පුලුවන් පොඩි ඉරි කැල්ලක් විතරමයි)

5 + 5 + 5 = 550

ප.ලි : තව පොඩි ගානකුත්  දාන්නම්කෝ.. මේකට උනන්දුව තියන නිසාම... 8 ඉලක්කම් 8කින් එකතු කරපුවාහම 1000 හැදෙන්න කොහොම ලිවොත් හැදෙයිද??

බලාපොරොත්තුවෙන් තවත් සුන්දර කථාවක්... ඉක්මනින්ම

26 October, 2011

අති විශිෂ්ඨයි.. නායකත්ව පුහුණුව

දවස් 2ක තුනක් ගෙවුනත් තරුණ නායකත්ව පුහුනුවට සහභාගි වෙලා ඇවිත් ඒ ගැන පොස්ට් එකක් දාන්නවත් නිදහසක් තිබුනේ නැ නොවැ.. ඔන්න අදනම් මම ලැස්ති වෙන්නේ ඒ ගැන කියන්නයි...

ඔන්න හැමදේකටම කලින් බලල ඉන්නකෝ අපේ පුහුනුවට සහභාගි උනු සෙට් එක ඔන්න පුලුවන් නේද කොහේද මම ඉන්නේ කියලා කියන්න




දිනය 2011 - 10 -22 ,23

ස්ථානය : බතලගොඩ පර්යේෂණ හා පුහුණු මධය්ස්ථානය.. ඉබ්බාගමුව

සංවිධානය : ලංකා බැංකු සේවක සංගමය

තරුණ නායකත්ව පුහුනු වැඩ සටහනක් ලෙස සංවිධානය කරලා තිබුනු මේ වැඩ සටහන වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොඩාක් හොද වැඩ සටහනක් කියලා නිරායාසයෙන්ම නම් කරන්න පුලුවන්..

වැඩ සටහනේ අන්තර්ගතයේ මට හිත ගිය මම දැනගත්තා කියලා හිතෙන හැම දේම මේ පොස්ට් එකට කැටි කරන්න නම් බැරි වෙයි ඒ තරමට ගොඩාක් දේවල් මම මේ වැඩසටහන හරහා ඉගන ගත්තා කිව්වොත් මම නිවැ‍රැදියි..

මුල ඉදන්ම යමුකෝ : (ආහ්.. කිව යුතු කතා ටිකක් මඩ ටිකක් පොස්ට් එකේ අන්තිමට)

නායකත්වය එහෙමත් නැත්නම් LEASERSHIP කියන්නේ



L - Long Term Vision
E - Expertise
A - Attractive
D - Determination
E - Effective Communication
R - Risk Takers
S - Self Confidence
H - Helicopter View
I - Inspiring
P - Pursuit of Excellence

ඒක කියවනකොටම තේරෙනවානේ කොයි තරම් බැ‍රැරුම් දෙයක් ගැනද අද මම මේ කියන්න යන්නේ කියලා

ඇත්තටම නායකයා කියන්නේ කවුද... ඕනැම මොහොතක ඕනැම අවස්ථාවකදි කන්ඩායමක් හසුරුවා ගැනිමේ හැකියාව පවතින නිව‍රැදි දේ කරන පුද්ගලයෙක් නායකයෙක් කියලා හදුන්වන්න පුලුවන්

මෙතන ඉදන් මම කියන්නේ මේ වැඩ සටහනෙන් මම ඉගන ගත්තු.. මට වටිනා කියන පාඩම් ටිකක් ගැන..

හිතකර මානව සම්බන්ධතා ගොඩ නගා ගැනිමට උපදෙස්...


1 . මිනිසුන් සමග කථා කරන්න - ඔවුනට වචනයෙන් ආචාර කරන්න

2. මිනිසුන් සමග සිනාසෙන්න - ‍රැවිම් ගෙරවිම් සදහා මාංශ පේශි 72ක් වැය වන අතර සිනා සිමට වැය වන්නේ 14ක් පමනි

3. මිනිසුන්ට ඔවුන්ගේ නමින්ම අමතන්න - ඕනම කෙනෙකුට තමන්ගේ නම ඉමිහිරි සංගිතයක් බදුය.

4.මිත්‍රශිලි සහ උපකාරි වන්න - ඔබට මිතුරන් අවශයනම් අනෙකුන්ට ඔබ මිතුරකු වන්න

5.ප්‍රශංසා කලයුතු හැමවිටම ප්‍රශංසා කරන්න - විවේචන කිරිමේදි ප්‍රවේශම් වන්න

6. අනුන්ගේ හැගිම් ගැන සිතන්න - සැම අවුලකටම පැති 3කි
        1. ඔබේ මතය
        2. අන් අයගේ මතය
        3. හරි මතය

7. අනුන්ට සේවය කිරිමට උත්සුක වන්න - ජිවිතයේ වඩා වැදගත් වන්නේ අප අපටම කරගන්නා දෙය නොව අප අනුන් වෙනුවෙන් කරනා සේවයන්ය


කියවනකොට ගොඩාක් මහන්සි දැනෙනවානම් බලන්න්කෝ මේ පින්තුර දිහා අපිට නවාතැන් ලැබුනු බතලගොඩ පුහුනු කිරිමේ ආයතනයේ අසිරිය
























වෙලාව ඉතිරි කරගැනිමේ හොදම විධි

1. දිනපතා වැඩ කාල සටහනකට කරන්න - යොදා ගන්නා වැඩ නිතරම වෙනස්කම් වලට ලක්වුවාට කම් නැත දළ සටහනකින් වුවද කාර්යක්ශම දවසක් ගත කල හැක..

2. ඔරලෝසුවේ එලාමය වෙලාවට කලින් තබන්න - යමක් ගැන අවදිකිරිමක් කල් ඇතිව සිදු කිරිම වඩා වාසිදායකය

3. රුපවාහිනි / විඩියෝ කාලය කපා දමන්න - නොදැනුවත්වම කාලය කා දමන දේ වලින් ඉවත් විම වඩා හොදය

4. නිකරුනේ කථාබහට නොයන්න - කථාබහක් සිදුකල යුත්තේ නිසි තැන නිසි පිලිවලටය

5. ආහාර වෙලාවත් ප්‍රයෝජනයට ගන්න - ඉතිරිවන හැම මොහොතකම වැඩක යෙදෙන්න

6. දුරකථන ඇමතුම් කළමනාකරනය කරන්න - අනවශය ලෙස කාලය කා දමන අවස්ථා මග හරින්න

7. අමාරුම දේ මුලිනුත් ලේසිම දේ පසුවත් කරන්න - එවිට අමාරුම දේ වෙනුවෙන් වැඩි කාලයක් යෙදවිය හැකිය

8. දවල් සිහින වලින් මිදෙන්න - මනස එක අරමුනක පැවතිම වඩා වැදගත්වේ...

9. නින්ද , ආහාර ප්‍රමාණාවත්ව ලබා ගන්න - තම ශරිරය හිතකරව පවත්වාගෙන යාම වඩා වැදගත් වේ..

10. කරන වැඩ බෙදාගන්න - තනිව කල නොහැකි වැඩ බෙදාගෙන සිදු කිරිමෙන් වැයවන කාලය අඩුවේ..

11. අරමුණ නිශ්චිතව හදුනාගෙන එයට යොමු වන්න - වැඩේ අවුල් විම පමනක් නොව කාල නාස්තියද අවම කරගත් හැක

තව ගොඩාක් දේවල් කියන්න තිබුනත් පොස්ට් එක ගොඩාක් දිග වැඩි වෙන නිසා නිසා ඒ කතා අතරේ අහපු තවත් කථා කිපයකින් කථාව නතර කරන්නම්.. (තව කථා ගොඩකට එතනින් කරුනු එකතු උන නිසා ඒවා ඉස්සරහට)

මේවා නම් ඔයාලා අහලත් ඇති...

හරියට අවශථාවයන් තේරුම් ගැනිම ගැන මේ කථාව දවසක ඔයාටත් වැදගත් වේවි..
එක පවුලක අක්කා කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා..
දවසක් මේ දෙන්නම දොඩම් ගෙඩියක් දෙන්නටම ඕනා කියලා කියනවා හෙට පාසලේ වැඩකට.. මේ අක්කාගෙයි නංගිගෙයි දෙමාපියන්ට ඒ වෙලාවේ දෙන්න තියෙන්නේ එකම එක දොඩම් ගෙඩියක් විතරයි.. දරුවෝ දෙන්නටම ඕන නිසා දෙන්නටම මේක කැලි දෙකකට කපලා දෙනවා...

පසුදා දෙන්නම දොස් පවරන්න පටන් ගන්නවා.. ලොකු දුව කියනවා මට දොඩම් ගෙඩියකම පොතු ඕන කරලා තිබුනේ ඒත් ඉතින් මගේ ලග තිබුනේ භාගයක විතරනේ ඉතින් මම අද බැනුම් ඇහුවා කියලා.. ඒ අතරේ පොඩි දුව කියනවා මමත් අද බැනුම් ඇහුවා  මටත් අද දොඩාම් ගෙඩියකම යුශ ඕනා වෙලා තිබුනත් මම ලග භාගයක් විතරක් තිබුන නිසා මටත් හරියට කරගන්න බැරි උනා කියලා./.

හිතලා බලන්න්කෝ මොකක්ද හරියටම උවමනාව කියලා අහලා තිබුනනාම් ලොකු දුවට පොතු ටික දිලා පොඩි දුවට යුශ ටික දෙන්න තිබුනා... නේද???


ගොඩාක් දිග වෙන නිසා ඉතිරි කතා පොස්ට් වලින්.....

මේ වැඩසටහන කරා මාව සම්බන්ද කරගත්තු මේ වැඩ සටහන මෙහෙයවපු හැමෝටම ගොඩාක් තුති...

ගොඩාක් වැදගත් වගේම මනසට සුවයක් ගෙනෙන එලිමහන් අවස්ථාවන් කිහිපයකිනුත් සැරසිලා තිබුන මේ අවස්ථාව සදා මතකයේ ‍රැදේවි...

ප.ලි : ආතල් කතා ගැන කියන්න බැරි උනානේ...

අපි මේකට යනකොටම ඉතින් ගියේ අපේ මෙහේ යුනියන් ලිඩර් රසික අය්යා එක්කනේ.. අපිත් එක්ක ගිය කෙල්ලෝ ටික දැකලා රසික අය්යාලාගේ ගෙදරින් අහනවා.. ඇයි ලමයිනේ ඔයාලට මොලයක් නැද්ද මේ වගේඅයත් එක්ක මේ වගේ ගමනක් යන්න කියලා රසික අය්යාව පෙන්නලා...

වැඩේ ගොඩාක් හොදටම කෙරුනලු.. එත් ඉතින් ලෙක්චර්ස්ලාට වතුර එක පලවෙනි ලෙක් එකේම තියන්න බැරි වෙලා ඒ ගැන ඔන්න කවුරුවත් ලෙක්චර්ස්ලා ආයේ ශානක අය්යාගෙන් ඇහුවෙ නැලු..

අහ්හ්... තව ගොඩාක් දේවල් නම් උනා ඒවා ඕනේ නැනේ නේද

22 October, 2011

දේවාත් නායකත්ව පුහුණුවක..& බ්ලොග් ලියන ගොඩාක් අයට වැදගත් දෙයක්

මෙච්චර කල් රස්සාවක් කරනවා කිය කියා උන්නු දේව් කැම්පස් යන්නද හදන්නේ කියලා ඔයාලා බලයි.. අනේ ඉතින් දැන් කැම් යන්න තරම් හොද වයසක නෙමේද මන්දා මම නම් ඉන්නේ... නැ නැ මේ කැම්පස් යන නංගිලා මල්ලිලාට එස්. බි ඇමති තුමා දුන්නු නායකත්ව පුහුනුවක් නම් නෙමේ.. ඒක දවස් 21ක්ද කොහෙද තිබුනනේ... ඔන්න ඉතින් මේක නම් මේ සෙනසුරාදා (ඔව් ඔව් අදයි හෙටයි තමා) දවස් දෙකක නායකත්ව පුහුනු වැඩ සටහනක් අද පටන් ගන්නවා...  මේක සංවිධානය කරන්නේ ඉතින් ලංකා බැංකු සේවක සංගමය තමා..

කලින් නායකත්ව පුහුනුවකට ගිය නංගිලා මල්ලිලා වගේ අපිට නම් ලිස්ට් එකක් දුන්නේ නැනේ.. ඒ හින්දා මොනවගේ දේවල් තියනවද කියලා නම් මම දන්නේ නැ.. කොහොම උනත් දවස් 2ක් විතර ආයෙත් මට බ්ලොග් අවකාශයෙන් ඇත් වෙන්න වෙනවා කියලා නම් හිතෙන කොට දුකයි.. කියවන්න බ්ලොග් ගොඩාක් තියනවා..

මේ පොස්ට් එක පුන්චි උනත් මෙහෙම එකක් දාන්නේ කෙනෙක් මාව බ්ලොග් අවකාශයෙන් අතුගාලා දානවා කියලා තර්ජ්නය කරපු නිසා (මම පොස්ට් එකක නොදැම්මොත් මිනිහා හිතයිනේ අෆ්ෆා මම අතු ගැවිලා කියලා හිකිස්)

කල්හාර සහෝ මම ගැනත් ලොකු වර්ණනාවකින් එක්කම කමෙන්ට් කරපු අයත් ඒ අගය කිරිමත් එක්කම අලුතෙන් බ්ලොග් ලියන අයටත් ගොඩාක් වටින විදිහේ පොස්ට් 2ක් ලියලා තිබුනා ඒවා ගිහින් බලන්න.. හැබැයි ඒවා බලනකොට නම් අතුගාලා දාන ඒක ලේසි නැතිවෙයි කියලාත් හිතෙනවා

එලොව ගිහිං මෙලොව ආවෙමි....


එලොව ගිහිං මෙලොව ආවෙමි.. එලොව ගියත් හිතේ බයක් නැතුව මෙලොව එන්න මෙන්න ක්‍රමේ

බ්ලොග් ලියන අය්යලා අක්කලා නංගිලා මල්ලිලා ඔක්කොටම මේක වැදගත් වේවි..

මේ ගැන කාලෙකට කලින් මම ලියපු ලිපියකුත් මෙතනින් බලාගන්න පුලුවන්

20 October, 2011

රෙස්ලින් කියන්නේ ක්‍රිඩාවක්ද

ටික දවසකින් පොස්ට් එකක් දානවා තියා බ්ලොග් එක පැත්තේවත් එන්න බැරි උනානේ මොබයිල් එකෙන් කමෙන්ට් ටික පබ්ලිශ් කලා මිසක් ඒවට රිප්ලයි දාගන්න තරම් වත් විවේකයක් තිබුනේ නැ..

ඔය ගොල්ලෝ නෙට් බදාගෙන ඉන්නවා මිසක් ඉතින් පත්තර කියවන්නේ නැනේ ඔන්න ඒ නිසා මම වෙලාවක් නැතුව හිර උනේ ඇයි කියලා දන්නේ නැ..

ඔන්න එක රහසක් (පයිවට් ඇන්  කොන්‍ෆිඩන්සල් කියලාලු ඒවට කියන්නේ) ගනන් ගන්න එපා ඉතින් පොඩ්ඩක් බැන්ක් එකේ වැඩ වගයකට හිර උනා...

අදත් පොස්ට් එකක් දාන්න හිතක් නම් තිබුනේ නැ.. ඒත් දැන් ටිකකට කලින් කන්න කියලා ගිහින් නිකමට ටිවි එක දැම්මා මැච් එකේ රිපිට් වත් යනවද බලන්න...
දැන් ඔක්කෝම ස්පොට් යන්නේ සි එස් එන් එකේලුනේ.... දානකොටම මරා ගැනිල්ලක්... එකෙක් එකෙකුගේ බෙල්ලත් හිරකරගෙන මරා ගන්නවා... මේක රෙස්ලින් ගේම් එකක්මද මං දන්නේ නම් නැ එත් බොක්සින් නම් නේමේ... ක්‍රිඩාවක් කරන්නේ ඉතින් තමන්ගේ ශරිරය යහපත්ව පවත්වගන්න තෘප්තියක් වින්දනයක් ලබා ගන්න කියලා මම අහලා තියෙන්නේ.... එත් ඇත්තටම මට තෙරෙන්නේ නැ මම දන්නේ නැ ඔය කියන ඒ ක්‍රිඩාවෙන් එහෙම එකක් ලැබෙනවද කියලා නම්...

ඇයි ඉතින් පටන් ගත්තු වෙලේ ඉදන් අනිත් කෙනාව මරන්නම වගේනේ ලැස්ති වෙන්නේ... මම දැකලා තියනවා සමහර තරග වලදි කොච්චර ටෆ් ගේම් එක සෙල්ලම් කරනවද කියනවානම් ප්‍රතිවාදියා එක්ක ගේම් එක හොදට සෙල්ලම් කරලා ගේම් එක දිනාගන්නවා වගේම තරග තිරකයාටත් හොදටම නෙලන වෙලාවල්...
ඒ වගේම ඉතින් අර පැරදෙන තරග කාරයා එක්ක ඇවිත් තිබුනත් වෙන්ට බිරිය හරි උනු බිරිද හරි අනේ අවාසනාවන් කන්න පුලුවන් බඩ පිරෙන්න
අතපය විතරක් නෙමේ යකඩ පු‍ටු පොලු පාරවල් උනත් මදි නොකියන්න මේවගෙන් ලැබෙනවානේ...

ඇත්තටම මේවා ගොඩාක් සල්ලි උඩ දුවන සෙල්ලම්...ගොඩාක් අය ඔට්‍ටු අල්ලන්න ඒ වගේම මේ සෙල්ලම කරන අයටත් ගොඩාක් ලොකු ආදායමක් හොයාගන්න පුලුවන් ගුටි කාලා, එහෙමත් නැත්නම් කාටවත් නෙලලා...

ඇත්තටම මගේ හිතට දැනේන විදිහට නම් මේ සෙල්ලම ඒ තරම් හොද සෙල්ලමක් නෙමේ මිනි මරුමක් උනත් වෙන්න පුලුවන්නේ... සල්ලි වෙනුවෙන් කියලා එහෙම දේව ල් කරන ඒක කොයි තරම් සාධාරණද කියන එක ප්‍රශ්නයක්

ඒ වගේම කාටවත් ගහන මරන හැටි බල බලා ඉදලා අපිට හිනාවෙන්න පුලුවන්ද ඒකෙන් වින්දනයක් ගන්න පුලුවන්ද??

මේ තරග තියෙන්නේ ලංකාවෙන් ගොඩාක් දුරක ඒත් තරගයක් පැවත්තුනු ගමන් විඩියෝ සෙන්ටර් වල ඕක බලන්න කොයි තරම් පිරිසක් ඉන්නවාද ඔය සිඩි එක අරගෙන යන්න.. ජොන් සිනලා බැටිස්ටලා ගැන ඒදවස් (මම අර ස්කොලේ ගියේ ) යාලුවෝ හරි ආසාවෙන් කථාකරනවා ඒ විදිහට ඇග හදාගන්න ඒ අය වගේ ගහගන්න පුදුම උනක් ඒ අයට තියෙන්නේ..  ඒත් ඇත්තට්ම කාටවත් සල්ලි හොයලා දෙන මාරක අවදානමක් තියෙන කාගෙවත් ලේ හොල්ලන මේ තරග ගැන මට නම් ඇත්තම කියන්න දෙයක් නැ... මේවාගේ තරග නිති ගැන මම නම් දන්නේ නැ..

කාලයක් මේ නම තියන අය බ්ලොග් ලියන අයටත් කරදරයක් වෙලා තිබුනනේ,, දැන් ඒ අය හොද වෙලා වගේ හිතෙනවා.. එහෙම තමයි වෙන්න ඕනේ තමන්ගේ වැරදි තේරුම් ගන්න ඕනා එක වැරද්දක් වැරද්දක් කියලා දැන දැනම ආයේ අයේ කරන එක මෝඩ කමක් කියලා තේරුම් ගන්න තරම් මොලයකුත් ඕනනේ

නිකමට හිතුන නිසා ලිවා ඇත්තටම රෙස්ලින් කියන්නේ ක්‍රිඩාවක්ද එහෙමත් නැත්නම් ........******* වෙන මොකක්හරි එකක්ද??

17 October, 2011

බ්ලොග් එක නිසා තවත් සතුටක්.... දුකක් කියලා එකක් නැතුවමත් නෙමේ..

බ්ලොග් කියන දේ මගේ ජීවිතේ 100%ක්ම නොවුනත් 50%ක්වත් ඇති හරියටම ගනන් මැනලා කියන්න නම් මම දන්නේ නැ.. ඊයේ පෙරේදා ගුගල් මාමලා බස් එකට මොනවද කරන්න යනවා කියලා එක එක අයගෙන් අහන්න ලැබුනා... ඒ වෙලේ ඉදන් මම බයෙන් ඉන්නේ බ්ලොගර් එකටත් ඔහොම මොකක් හරි කේස් එකක් එවිද කියලා.....

අනේ මන්දා ඒක නම් කවදා හරි එහෙම දෙයක් උනොත් ඒ වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් තියනවානම් ඔයාලත් කියන්නකෝ මට...

බ්ලොග් නිසා මට ගොඩාක් හොද යාලුවෝ ටිකක් හම්බ වෙලා තියනවා.. පුද්ගලික ජිවිතේ පවා මගේ ලග ඉන්න... ඔන්න ඉතින් අද කියන්න යන්නේත් මට බ්ලොග් නිසා සතුට දැනුන දෙයක් ගැන...

මගේ මේ බ්ලොග් එක පටන් අරන් මේ ගෙවන්නේ 7 වෙනි මාසේ ඒ කියන්නේ මේ අවුරුද්දේ අප්‍රියල් 30 වෙනිදා කාලෙකට පස්සේ බ්ලොග් ලියන්න ආයෙමත් පටන් ගත්තා...  පොස්ට් එකසිය දහ අටක් මේ වෙනකොට දාල තියනවා වගේම කලින් මගේ පොස්ට් එකේදි මේ බ්ලොග් ‍ෆිල්ඩ් එකේ ගොඩාක් අයට ලොකු දෙයක් නොවුනත් සමහර අයගේ දේවල් එක්ක බලනකොට බොහොම පොඩි ඒත් මට ගොඩාක් සතුට දැනෙන දෙයක් උනා.. ඒ කියන්නේ මගේ බ්ලොග් එකේ ෆලෝ කරන අය 200 සිමාව පහු කලා... ඇත්තටම ඒක පොස්ට් එකක් දාලා සමරන්න තරම් දෙයක් නෙමේ කියලා ඔයාලට හිතෙයි.. එත් ඇත්තටම මට එක මාරම වටිනවා... තව දෙයක් ගොඩාක් ඉක්මනට මගේ හිට්ස් 150000ක කඩයිම පහුවෙයි කියලා හිතෙනවා අද තව සතියකින් විතර ඔන්න ඒකත් මම මේකෙන්ම සමරනවා...

මේ ටික කැමති නම් නොකියවා ඉන්න මට මේක වදයක් නිසා විතරයි කියලා හිත නිදහස් කරගන්න විතරයි දාන්නේ ..
බ්ලොග් එක මගේ ජිවිතේ උනත් එක කෙනෙක් නිසා (නම කියන්න ඕනේ නැ බ්ලොග් කරන ගොඩාක් දෙනෙක් දන්නවා මැන් ගැන) මම හිතුවා දැන් වත් හොද වෙලා ඇති කියලා... ඒත් මැන් එයගේම ගුගල් එකවුන්ට් එකෙන් මම හිතන්නේ වැරදිලා කුනුහරප කමෙන්ට් කරලා තිබුනා.. මට කියන ඕන දෙයක් ඉවසනවා මම මැන්ට තියන ලෙඩේ ගැන හොදටම දන්න නිසා.. ඒත් ඇත්තමම මට දරා ගන්න බැරි මිනිහාට ජාතක කරපු අම්මෙක් තාත්තෙක් නැතුව වගේ  ඒ අයට කියන කථා ගැනයි... ඒත් මම හිතනවා මිනිහා කියන්නේ මිනිහාගේ අම්මා තාත්තා ගැන කියලා..විදීන උනු අත්දැකිම් වෙන්න ඇතිනේ..

මේ කියපු දේ ගැන මුකුත් නොකිවට කමක් නැ ඔයලා.. එහෙම මුකුත් නොකිවා කියලා හිතාගන්නකෝ... ඔන්න ඉතින් කට්ටියම එන්නකෝ මගේ අද මේ ෆලෝ 200  ඉක්මවලා හිට්ස් එක්ලක්ශ පනස්දාහ ලංකරපු සන්තොසේට ගන්න පාටි එකට....

හ්ම්... ගෙන්න දෙයක් හිත් හිතා ඉන්න එපා.. මුකුත් ඕනේ නැ ඇවිත් බලලා යන්නකෝ....

ආහ්.... හැමෝටම ගොඩාක් ස්තුතියි මගේ යාලුවනේ දිගටම මාත් එක්ක උන්නට... ඒ වගේම හැමදාමත් මගෙත් එක්ක ඉන්න යාලුවනේ..

15 October, 2011

ආදරේ ගැන සුභවාදිව කථා කරපු දේවාගෙන් ආදරේ තවත් පැත්තක් (රියල් කතාවකින්) about 3 lax

මගේ බ්ලොග් එකේ ලියවුනේ ආදරේ ගැන සුන්දර කථා විතරමයි... ඒ වගේ අවසානය කොහොම වෙතත් හිතින් හරි සතු‍ටු වෙන්න පුලුවන් වෙන කථා විතරමයි ලියවුනේ... ඒත් ආදරේ කියන්නේ ඒකම විතරද හැමදාම හැමෝටම සතුට විතරද කවදාවත් කවුරුවත් දුක් විදින්නේ නැද්ද ආදරේ වෙනුවෙන්... මේ කතාව එහෙම දෙයක් ගැන... විශ්වාස කරන්න මේක ඇත්තම කථාවක්...

ගොඩාක් අය මේක මගේ එකවුන්ට් එකට දාන නිසාම මම මේක මගේ එකවුන්ට් එකට දාගෙනම ලියන්නම්....

ආදරේ කියන දේ මුලින්ම අකුරු කලේ මේ සිදුවිම නිසා... ජිවිතේට ආදරේ කියන දේ එපා කලේත් මේ නිසා....

දවස මිට අවුරුදු 4කට විතර කලින්...

පාසල් ඉගනුම අවසන් කරන්න එහෙමාත් නැත්නම් උසස් පෙල ලියන්න තව අවුරුද්දක් විතර.. දේව් ආදරේ කරලා තිබුනේ නැ කාටවත්.. අවුරුද්දකට පස්සෙනේ අනිත් බැච් එක එන්නේ.. (නැවක් එනකන් ගොඩාක් අය බලන් ඉන්නවනේ)

හැබැයි දේව් එහෙමම නම් නැ.. මොකද ගොඩාක් අමරුවෙන් ඉගන ගත්තු දේව්ට ඕනා උනේ කොහොමහරි ජිවිතේ ගොඩ දාගන්න කැම්පස් යන්න... ඒත් ඔය අලුත් බැච් එකේ කෙල්ලෙක් නම අපි නම මාලි කියමුකෝ...

දේව් ගොඩාක් අහින්සකයි මාලි අහිංසකයි කියලා නොදැනුනත් ගොඩක් හොද කෙනෙක් වගේ බලන ඕන කෙනෙක්ට පෙනවා.. දේව් ඔය අහින්සක නොවුන ඒත් හොදයි කියලා පෙන කෙල්ලට ‍රැව‍ටුනා කියලා කියමුකෝ...

ආදරේ කියන දේ අයන්න කියවපු තැන නිසා දේව් ගොඩාක් ආදරේ කලා.. ගොඩාක්.. ජිවිතේ හැමදේකටම වඩා... කවදාවත් දුකක් දෙන්න හිතුවේ නැ, උත්සහ කලෙත් නැ... සමහර වෙලාවට ගොඩාක් දේවල් කැප කලා... මේ ආදරේ වෙනුවෙන්..

සත් ගනන් ගෙවෙනකොට මේක දැනගත්තු දේව්ගේ ගුරුවරු නොසැහෙන්න අවවාද කලා..එත් කොහෙද ඒවා පිලිගන්නේ ආදරේ අන්දයිලුනේ...

කොහොම උනත් මේ ආදර කථාව ඔහොම ටික කාලයක් ගෙවිලා ගියා කියමුකෝ... කොහොමහරි ගුරුවරු කිවාඅ වගේම දේව් විභාග ප්‍රතිපලත් එක්ක හොදටම අනථ වෙලා හිටියත් කවදාවත් මාලිට වෑරද්දක් වෙන්න තිබ්බේ නැ ඉඩක්..

දැන් ඇත්තමටම මේ මොනතරම් කැපවිම් කලත් ලොකු ආදරයක් මාලිගෙන් ලැබිලා නැ නේද ඒ කලැත් කියලා අදටත් හිතෙනවා...

කොහොමෙන් කොහොම හරි මාලි ට ඕනා උනා තව ඉගන ගන්න ඒකට ලංකාවේ පිටට යන්න තමා එයා ප්ලැන් කලේ .. ආදරේ කරන කෙනට කියලා ගන්න ඕන තිරනයක් උනත් ඇත්තටම එහෙම දෙයක් එතන උනෙත් නැ මාලි කියන්නෙත් ගොඩක් ලොකු පොසත් පවුලක කෙල්ලෙක් නෙමේ... කොයි තරම් ආදරේ කලත් (සමහරවිට මොඩ නිසා) එහෙම නොකිය ගත්තු තිරනයටත් නයට හොයා ගත්තු රුපියල් ලක්ශ 3ක් දෙන්න තරම් දේවා ආදරණිය උනා...

ආදරේ වෙනුවෙන් එයාගේ අනාගතේ වෙනුවෙන් එයා ඊස්‍රයලට ගියත් ඒ වෙනුවෙන් හොයාගත්තු ලක්ෂ 3 ගැන නොහිතා ආදරේන් සුබ පතන්න්න දේවා එකතු උනා

මාසයක් දෙකක් ආදරෙන් කථාකරපු මාලිගේ පොන් එකෙන් මාස 2,3කට පස්සේ පිරිමි කෙනෙක් කතා කරන්න පටන් ගත්තා මලිගේ අයිතිකාරයා කියලා කියන....

මාසේකට 2කට කෙල්ලෙක් වෙනස් වුන විදිහ හිතාගන්න බැරිව දේව් හොදටම අවුල් උනා.. දරාගන්න බැරි විදිහට හොදටම වැ‍ටුනා.. කථා කරපු වෙලවට කථා කරන්නේ අදුනනෙ නැති රොන් නම්බර් එකකට කථා කරනවා වගේ...

අහස උසට බලාපොරොත්තු හිතේ තිබුනත් ජිවිතේ හැමදේම නැති උනහම මොනවා තවත් කථා කරන්නද???

ප.ලි : ආදරේ නැති උනත් නයට ගත්තු ඒ රු 300000 තාමත් දේව් ගෙවනවා..

ප.ප.ලි: ආදරේ කරන කෙනා තමන්ට ආදරේ නැ කියනවාටත් වඩා කාලයක් ලගින් ඉදපු කෙනා අදුනන්නේවත් නැති කෙනෙක් වගේ කතා කරනකොට ආදරේ කරපු කෙනා කියනකොට දරා ගන්න පුලුවන් කියල හිතනවද ඔයලා... ඇත්තටම බැ.. එත් මොකටද අපිට ආදරේ නොකරන කෙනෙක් වෙනුවෙන් අපි අපේ ජිව්තේ කැප කරන්නේ..

ප.ප.ප.ලි: ආදරේ කරන්න අපිට යක්කු වගේ අය හම්බවෙනා කොයි තරම් ආදරේ උනත් අපි ඒ අයගෙන් ඇත් වෙලා දේවතාවුන් හොයගෙන යන්න වෙනවා නැත්නම් කවදා හරි විදවන්න වෙනවා...

දේව් අද එහෙම දේව්තාවියකගේ ආදරේ විදිනවා.. මේ සිදුවිම උන කෙනා අදටත් පසු තැවෙනවා ඇති... .  
ආදරේ වෙනුවෙන් කැපවෙන්න දේව් එදා මොඩ උනා වගේ ඔයාලට ආදරේ නොකරන කෙනෙක් වෙනුවෙන් දශමයක්වත් කැප වෙන්න එපා...ආදරේ කරන කෙනා වෙනුවෙන් ජිවිතේ උනත් දෙන්න

13 October, 2011

සල්ලි කාර ආඩම්බර කෙල්ලක් II ,අවසානයේ ඔක්කෝම කනපිට

ගොඩාක් කල් ගන්නේ නැතුව කථාවේ ඉතුරු ටිකත් ඉක්මනට දාන්න හිතුවා... කථාවේ මුල් ටික කියවලා නැත්නම් මෙතනට ගිහින් කියවලා එන්නකෝ...

කොහොම හරි ගුඩ් මෝනින් නම් කිවානේ කෙල්ල... අනිත් එක මේක මහලොකු දෙයක් විදිහට නොදැනුනාට ඒ දවස් වල නම් මහ ලොකු දෙයක් තමා මොකද හිටපු රෙස්පෙක්ටබල් ලයිෆ් එකත් එක්ක එහෙම දෙයක් රසිකාගෙන් බලාපොරොත්තු වෙන්න බැ....

ටික දවසකට පස්සේ නිවාසාන්තර ක්‍රිඩා උත්සව කාලේ (ශා.... ලියන්න බැරි උන කථා ගොඩාක් මේ මිට් එක්ක බැදිලා තියනවා ඒවා ඉස්සරහට ලියවෙයි දවසක) පටන් ගත්ත නිසා ගොඩාක් අපේ වැඩේට වෙලාව වෙනදට වඩා තිබුනා...

මචං දේව් ඔන්න දවස් ටිකනම් මෙන්න දවස් ටික... අනේ කොල්ලෝ මට කොහොමහරි මේක ගොඩ දාගන්න උදව් කරපන්කෝ.. මේ උදේ වරුවට නිමලා මට ඕක විසි තිස් වතාවකට වඩා කිවා....

අනිවා බලපන්කෝ කොහෙද කියලා... රසිකා....

අනේ දේවා අද ක්‍රිකට් ඉතින් මාත් සෙල්ලම් කරනවා කොහොමහරි මගේ වැඩ ටික පෙන්නන්න ඕනා බන්

ඔය තියෙන්නේ අද හොදට පරිස්සමට බැට් කරපන් ගේමෙන් බාගයක් ගොඩ අද මෙතන උබ හිරෝ උනොත්..... මම ඉතින් අතිරේකනේ ඉන්න වෙන්නේ ක්ලාස් නිසා මට ප්‍රැක්ටිස් එන්න උනේ නැනේ..

උබ මගේ වැඩේ අද පොඩ්ඩක් බලපන් දේව් ...

අතරතුර//

දේව් අද සනා ඇබ්සන්ට් ටිම් එකට එකෙක් අඩුයි එනවා නේද සෙල්ලම් කරන්න..

මටමයි වෙන්නේ මොනවා කරන්නද බන් එහෙමනම් සෙල්ලම් කරමු.. නිමලා කිව නිසා මාත්ග් වැඩේට සෙට් උනා..

ගැමුනු කන්ඩායම දැන් අසිරු අවථාවක තව පන්දු 34ක් තුල කඩුලු 2ක් ‍රැක ගනිමින් ලකුනු 78ක් ‍රැස් කිරිමයි දැන් අභියෝගය යකඩ කටින් කැ ගහනවා..(මාත් ගැමුනු ටිම් තමා)

පිටියේ ‍රැදි සිටින්නේ නිමල් සමග අලුතෙන් පිටියට පැමිනි දේවායි.. පරික්ශාකාරි ඉනිමක් ක්‍රිඩා කරන නිමල් මේ වනවිට පන්දු 45කට මුහුන දෙමින් ලකුනු 18ක් ‍රැස් කරගෙන පිටියේ තම අන්තය ‍රැක ගැනිමට දැඩි සටනක..බලමු නව පිතිකරුගෙන් ඔහුට ලැබෙන සහයොගය ....

තිසර කණ්ඩායමේ වේග පන්දු යවන චානක දිව එනවා ඔව් අති දැකුම් කලු පහරක් පන්දුව ඉහලින්ම ඇදියනවා... කුමා දිව යනවා පන්දුව උඩ පන්දුවක් බවට පත් කරගැනිමේ අරමුනින් (ඔල්වරසන් නවති දැස් දල්වා බලා සිටි) දේව් ගේ පිත්තෙන් නික්මන පන්දුව ඔව් ඔව් මේ අවස්ථාවේ කුමා ‍රැක ගන්නවා.... අවාසනාවක මහත ඔහු පිටියෙන් එපිට... ගැමුනු කණ්ඩායම තරගයේ පලමු 6 පහර දේවාගේ පිත්තෙන්...

තවත් හතරේ පහරක් දේව් පිටිය වර්නවත් කරනා මොහොතක...
මේ අතරම නිමල්ගේ පිත්තෙන් 4 පාරවල් 2,3ක්ද එල්ල වු අතර
අවසන් පන්දු වාරයේ අවසන් පන්දු 3 තුල ලකුනු 9ක් ලබා ගැනිමේ අවස්ථාවක් දැන් ගැමුනු පිල වෙත///

තරගේ බර කරට ගෙන පිටිය මැද අනසක පතුරනා දේව් ට පුලුවන් වේයිද මේ ඉලක්කය සපුරා ගන්න... එනවුන්ස් කරපු සර් කියනකොට මෙච්චර වෙලා කුල් එකේ උන්නු මගේ හිතත් ගැහෙන්න පටන් ගත්තා.

ඔව් තවත් හතරේ පහරක් මේ සමගින් පන්දු 22ක් තුල ලකුනු 53ක් ‍රැස් කරගනිමින් නව පාසල් වාර්ථාවක්..

ඔව් ඉදිරියට පැන 6 පහරකින් ගැමුනු කන්ඩායම තරගය ජයග්‍රහනය කරනවා.... (කතාව තව දිග වැඩි වෙන හින්දා එදා කියපු දේවල් ඒ හැටි මතක නැති නිසා කැතට දැම්මා හොදේ)

නිමලාටත් මටත් මාර හැපි ඔය අතරේ අපි හවුස් එකට යන අතරෙත් නිමලගේ ඇස් රසිකාව හොයනවා මම බලාගෙන

නොසිතු මොහොතක රසිකා අපි ඉදිරියේ.. වාව් අය්යේ ඔය නියමෙට ප්ලේ කලා.. ඔයා නොවුන්නා නම් අපි අද පරාදයි.... කොන්ගැට්.... කියලා අතත් දික් කලා...
 අනේ රසිකා මම ප්ලේ කලාට සම්පුර්ණ ක්‍රෙඩිට් එක නිමලාට තමා... මට මාර සපොට් එකක් දුන්නේ නිමලා.. නිමලා නැත්නම් අපි පරාදයි... විශ් කරන්නකෝ එයාට... සම්පුර්න ලකුනු මගෙන් නිමලාට....

ඔන්නම් මගෙන් සුබ පැතුම්.. අතත් දික් කරන් රසිකා නිමලා ලග..

මු ගල් ගැහිලා වගේ බලාගෙන ඉන්නවා... පයින් පොඩි පාරක් රසිකාට නොපෙනෙන්න නොගැහුවා නම් ඇදගෙන නාන්න තමා වෙන්නේ

අනේ තැන්ක්ස් රසිකා නිමලා කථා කරපු පලවෙනි වචනයද කොහෙද මේ රසිකා එක්ක...

අය්යාලා එන්නකෝ අපි දොඩං හැදුවා අය්යලාත් ඇවිත් බොන්න ( අනේ මන්දා රසිකා ගොඩාක් වෙනස් වෙලා මම ගැන ගොඩාක් උනන්දුයි කියන එක මටත් නොදැනුනාම නම් නෙමේ)

යන්න්කෝ යන්කෝ බලන්න මේ කෙල්ලෝ ටිකට දොඩං ටිකක් වත් හදාගන්න පුලුවන්ද කියලා නැද්ද නිමල්...

වාව්... මම මේ තරම් රස දොඩං එකක් කවදාවත් බිලා නම් නැ මගේ ජිවිතේට ඇත්තමයි.... නිමලා නයෙක් අරිනවා මල් පුරෝලා....

මට නම් ඒ තරම් රසක් නොතිබුන නිසා මුකුත් නොකියා උන්නා...

මම හිතන්නේ අත් ගුනේ වෙන්න ඇති නේද දේව් රසිකාගේ....

රස නොවි කොහොමද රස නැත්නම් ඉතින් ගෘහ විදයා මිස්ව එලවන්න තමා වෙන්නේ.... මිස් තමා ඕක හැදුවේ.....

අනාථයි... ගියා ගාලු කෑවා මාලු... හැන්ගෙන්න පදුරක්වත් එල්ලෙන්න වැලක් වත් තිබුනේ නැත්තේ වෙලාවට....

කොහොමෙන් කොහොමහරි රසිකා අපිතෙක්ක කතා කරන්න පටන් ගත්තා මේ මිට් එක නිසා...
ඇත්තටම අපිත් පුදුම උනේ මේ ආඩම්බර කෙල්ල බැහැලා වැඩ කරනකොට...කිවනේ කලින් මම සල්ලි කාරයි කියලා මිස්ලා ඔක දන්න නිසා නිවාසේ භණ්ඩාගාරික කමට මේකිව දාලා.. අතින් හරි වියදම් කරයි කියලා හිතලා

තින්ත බකට්....

හැම නිවාසයකම මිට් එක අන්තිම දාට හවුස් එකක් හදනවානේ ගොඩාක් අය ගැමි ගෙදරක්.. බලකො‍ටුවක්.. නැවක් .. ඔය වගේ දේවල් තමා හදන්නේ.. මෙදා අපි හැදුවේ මොකක්ද කියලා ඒ හැටි ලොකු මතකයක් නැතත් ඒ වෙනුවෙන් අපි වගේම රසිකාත් ගොඩාක් මහන්සි වෙලා වැඩ කලා..

ඔය හදන නිවාසේ කනු වගයක් පාට කරන්න තිබුනා කලු තින්ත වලින් කොල්ලෝ ටික ඒවා කරනකොට රසිකාගේ සෙට් එකත් ඔතනට බැස්සා ඒ අයටත් කරන්න ඕනා කියලා...

තින්ත ගැවා නෙමේ හැවා.... පැත්තක ඉදන් බලාගෙන උන්නා අපිත්...
තින්ත බකට් එකට පින්සල දලා තින්ත වැඩි කමට එකපාරම රසිකා ගැසුවේ නැතේ පින්සල

චටාස්.........................#######@#$%@

පලාතම ඉවරයි නිමලා හොදටම තින්ත නාලා පැත්තක උන්නු මාත් එහෙමයි....

බලන්න රසිකා කරපු වැඩේ නිමලා ඉවරයිනේ.... දැන් ඉතින් ලිද ගාවට අරන් ගිහින් හොදවන එකයි තියෙන්නේ.....

අනේ සොරි අය්යේ.... දවසක කරන්න වෙන වැඩනේ කවදා කලහම මොකද ඉතින් එක්කගෙන යන්න ලිද ගාවට...  කියාගන්න ඕන දේ මටත් හොරෙන්ම එලියට පැන්නා.....
ටික වෙලාවක් බලාගෙන උන්නු එකපාරම අඩාගෙන කෙල්ල දිවේ නැතේ පන්තියට

අපිට මාරම අප්සෙට්... ඇයි දෙය්යනේ මොකක්ද මේ උනේ එක පාරටම....

මායි නිමලයි ගියා පාන්තියට....

කෙල්ල ඩෙස්ක් එකේ ඔලුව තියන් අඩනවා හොදටම...

කදුලු පිරිලා මුන රතු වෙලා...

ඇයි රසිකා ඇය් අඩන්නේ සිරා ලව් ටොක් එකකින් නිමලා කථා කරන විදිහට මටත් මොනවදෝ වෙගන ගියා මට හොදට මතකයි... එතනින් පස්සේ නිමලා කියපු දේවල් අමතක උනත්...

රසිකා දුන්නු උත්තරේන් අපිට ඉන්න හිටින්න තැනක් නැතිඋනා විතරක් නෙමේ මෙච්චර කල් කරපුවා ඔක්කෝම වතුරේ ගියා..

අය්යේ මම දන්නවා මට හොදටම තේරුනා ඔයලා මාත් එක්ක යාලු වෙන්න ගොඩාක් උත්සහ කරනවා කියලා... මම දන්නවා ඔයාලා ගොඩාක් හොද අය කියලා...එට අය්යේ මට ආදරේ තහනම්... මේ අවුරුද්ද දෙක ඉවර උනහම අම්මලා මාව තාත්තගේ යාලුවෙක්ගේ පුතෙක්ට බන්දලා දෙන්න තින්දු කරලා ඉවරයි... ඒ අය්යා නරක නැ..ආදරේ කියන දේ ඔයාලට වගේ නිදහසේ විදින්න මට අවසර නැ... අනිත් එක කවදාවත් මම අම්මලාගේ තාත්තලගේ හිත රිදෙන වැඩක් කරලා නැ.. ඒ අය මට ආදරෙයි.. ඒ අය්යත් මට එහෙම ආදරේ කරයි කියලා හිත හදාගෙන ඉන්නවා... ඔයාලා හැමදාම මගේ යාලුවෝ වගේ විතරක් ඉන්න... ඒක නැතිඋ කරන්න එපා... ඇත්තටම මම ඉස්සරවෙලාම කොල්ලෙක් එක්ක මෙහෙම යාලුවෝ වගේ කිට්‍ටු උනේ අය්යේ ඔයාට.. මම දන්නවා ඔයා ගොඩාක් හොද කෙනෙක් කියලා.. ඔයා නිසා මේ නිමල් අය්යවත් අදුනගන්න ලැබුනා.. අය්යා වගේම හොදයි කියලා මට තේරූනා මේ ටික දවසට.... ඒත් සමාවෙන්න මට... කොහොමත් මම තව අවුරුද්දකට දෙකකට වඩා ලංකාවේ ඉන්නෙත් නැ... එංගලන්තේ අය්යා ඉන්නේ මටත් එහේ යන්න වෙනවා..
පුලුවන්නම් මාව යාලුවෙක් විදිහට ඔයාලා ලග තියාගන්න හැමදාමත් හිතේ..

මට මේක ගොඩාක් ලොකුවට දැනුනේ නැතුවත් නෙමේ.. ගොඩාක්ම අවුල් වෙන්න ඕනේ නිමලානේ

රසිකා මම දන්නේ නැ ඔය අය්යා ඔයාට කොයි තරම් ආදරේද කියලා.. ඒත් ඔයාට විශ්වාසයි නම් එයා ඔයාව ආදරෙන් බලාගනි කියලා මම හිත හදා ගන්නම්.. මහ ලොකු සල්ලි බාගේ නොතිබුනාට මේ හිතෙන් ඔයාට ගොඩාක් ආදරේ කෙරුවා ඔයා දැක්ක මුල්ම දවසේ ඉදන්... එත් මට වටින්නේ ඔයාගේ සතුට.. දවසක ඔයා අය්යගේ මනමාලි වෙන දාට මටත් කියන්න කේක් කැල්ලක් කාලා යන්න එන්න කියලා

මේ කතවේ තව ගොඩාක් දේවල් තිබුනත් ලියන්න පුලුවන් තරම් කෙටි කලා... මම හිත්න්නේ නිමල් හරි ඒක තමා ආදරේ කියන්නේ... ආදරේ කරන කෙනව ලබාගන්න බැරි වුනත් හදවතින්ම සතුටට සුබ පතන්න පුලුවන්නම් ඇත්තටම ඒ හිත ගොඩාක් ආදරනියයි...

ප.ලි : ඇත්තටම නිමලායි මායි දෙන්නම ඒ වෙඩින් එකට ගියා... අද නිමලාත් ලංකාවේ නැ... ලගකදි නම් එනවාලු...

ප.ප.ලි : මේ කථාව මතක් උනේ රසිකා ගේ පුන්චි කෙලි පැටික්කියගේ පින්තුරයක් මේල් කරලා තිබුන නිසා... මතක් උනා ඒ අතිතේ..

ප.ප.ප.ලි : කලින් පොස්ට් එකේ කිවානේ දේවාට කෙල්ලව සෙට් වෙයි කියලා ගොඩාක් අය.. ඔව් සමහරවිට එක වෙන්නත් තිබුනා ඒ අය්ය නොහිටියානම් දවසක් රසිකාම කිවා ඒ කථාව... ඒත් මගේ වාසනාවට ඒ අය්යා උන්නා.... මගේ සුදු මැනික මට මැනිකක්

11 October, 2011

සල්ලි කාර ආඩම්බර කෙල්ලක්, යාලුවෙක් වෙනුවෙන් I (good morning)

ඔන්න මුලින්ම කියනවා මම මේ කථාවේ මේන් රොල් එක නම් නෙමේ කරන්නේ.. මගේ ගොඩට මේක නම් දාන්න හදන්න එපා කියලා ඉල්ලන ගමන්ම කථාව පටන් ගන්නම්කෝ...

මගේ යාලුවෝ සෙට් එකෙන් ගොඩාක් අය ගැන තාම මේ බ්ලොග් එකේ ලියවෙලා නම් නැනේ... ඉස්සරහටත් ලියවෙයි..

මේ යාලුවා මට හොදම ‍ෆිට් කෙනෙක් වෙන්නේ මැත්ස් කරන්න කියලා උ.පෙ ට ආවට පස්සේ.....

යාලුවාත්  දැන් ඉතින් ටිකක් වැදගත් කියන ජොබ් එකක නිසා බැරි වෙලාවත් මේවා බලනවානම් ඉතින් හොද මදිනේ ඒ නිසා ඔන්න මම කියපු කාඩ් එක විතරක් කියනම්කෝ...

නැ නැ ඒකත් ඔනේ නැ මොකද මුලු ස්කොලේම දන්න ඒ කාඩ් එක කියලා කොල්ලාගේ මුන රතු කරවන්නේ මොකටද අපි ඔන්න නිමල් කියලා කියමුකෝ ලේසියට නිමලා කියමු....

නිමලා (කොල්ලෙක් හොදේ) මට හොදම ‍ෆිට් එකක් උනේ උගේ ලව් එකට හොදම සපොටර් උනේ මම හින්දා...
මේක වෙනකොට මේ ලව් එක කන්ෆොම් වෙලා නැ.. කෙල්ලට අපි රසිකා කියමුකෝ... මේ කෙල්ල ඉතින් ටිකක් විතර අමුතු ලස්සනක් තියන ආඩම්බර කාර කෙල්ලක්.. හැමදාම තාත්තාගේ බෙන්ස් එකේ ගේට් එක ලගටම එන මේ කෙල්ල හවසට අම්මා ඇවිත් ගෙට් එක ලගදිම වාහනේට දාගන්න නිසා මෙහෙම දෙයක් කෙල්ලගෙන අහනවා තියා හිතන්නවත් කොල්ලෙක් කවදාවත් උත්සහ කරලා නැ...
යාලුවෙකුගේ කෙස් එකකට බඩේ බත් ටික වගේ ලග ඉන්න කොල්ලෙක් හින්දා ඒ කාලේ මම නිමලා මාවත් සෙට් කරගත්තා මේ වැඩේට..

කෙල්ල හැමදාම අදින්නේ අලුත් ගවුම් (මාසෙකට වඩා මම හිතන්නේ අදින්නේ නැතුව ඇති එක ඇදුමක්) එහෙම කිවේ ඒවා ඉතින් හැමදාමත් කිරි සුදු පාටින් බබලන හින්දා.. (දන්නේ නැ ඉතින් සෆෙක්සෙල් හින්දාද කියලා)  ආඩම්බර කම කොයි තරම් උනත් ඉගන ගන්න එකත් සුපර් මිටර්.. කොල්ලෙක් යාලුවෙන්න අහනවා තියා රසිකා එක්ක ලග උන්නු යාලුවෝ සෙට් එකෙන්වත් එහෙම දෙයක් නාහන තරමට කෙල්ලට සලෙන්ඩර්..කොල්ලෝ ටික..

නිමලා ගැන කතා කරනවා නම් ඉතින් කියලා වැඩක් නැ... සපත්තු දාන්න ඕනේ නිසාම අමරුවෙන් ගත්තු සපත්තු දෙකත් දාගෙන මේස් කලිසමෙන් වැහෙන නිසා දවසකට හැර දවසක් මේස් නැතුව (එක මේස් ජොඩුවක් විතරක් දාපු) ආපු කැපවෙලා වැඩ කරපු ගොඩාක් අය කැමති කොල්ලෙක්...

දේව් ගැන කථා කරන්න ඕනේ නැනේ කලින් කථාවක විදුහල්පතිගේ රෙකොඩ් එක මතකයිනේ...

කොහොම උනත් අපි මැත්ස් කරපු නිසාම මේක ගොඩදාගන්න ගොඩාක් ෆුල් ට්‍රයි එකක් දෙන ගමන් කරපු පිස්සු ආතල් ආදර කතාවක් තමා අද කියවන යන්නේ සමහර විට කොටස් වලට කැඩේවි එහෙම උනොත් සොරිම තමා..

දේව් මට ලොකු උදව්වක් ඕනා බන්.... ඔහොම කියාගෙන දවසක් මගේ ලගට නිමලා ආපු හැටි මට තාම මතක් වෙනවා...

මොකක්ද බන් උබලට නොකරන උදව් තියනවද බන් අපි ලග මමත් බොක්කෙන්ම කියලා කරට අතත් දා ගත්තා..

මචෝ අර කොමස් එකේ රසිකා ඉන්නවා නේද බන්... මට ඒකිව ඕනා බන්...

මේ නිමලෝ උබ හිතන්නේ එකි සෙල්ලම් බඩුවක් කියලාද මට කඩෙන් අරගෙන දෙන්න පුලුවන් විදිහේ ඔහොම ඕනා කියලා ඉල්ලුවා කියලා...

අනේ එහෙම නෙමේ බන් දේව් මම ඒකිට ආදරෙයි බන්.. මට කොහොමහරි මේ වැඩේ කරගන්න උදව් කරපන් බන්...

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

මෙච්චර කාලෙකට මේකේ කවුරුවත්ම ට්‍රයි නොකරපු කෙල්ලට උබ ට්‍රයි කරලා ස්කොලෙන් යන්න වෙයිද දන්නේ නැ අපි දෙන්නටම... එත් ඔය වගේ දෙයකට එන්ටර් උන උබ ආයේ පස්සට අඩිය තියන්න හොද නැ අපි බලමු ට්‍රයි එකක් දාලා..

අපි මැත්ස් කරපු හින්දා.. රසිකා කොමස් කරපු හින්දා වගේම හරියටම ටයිම් කිපර්ස්ලා වගේ අම්මයි තාත්තයි රසිකාගේ ආරක්ශක දැලක් එලලා තිබුන නිසා ඔය වැඩේ හිතන තරම් වත් කියන තරම්වත් ලේසි නැ කියලා අපි දෙන්නම දැන ගෙන උන්නා...

ඒ කාලේ අර නායක පට්ටමට අමතරව ඉස්සරහට පන්ති කියන කැල්ල අයින් වෙලා ශිෂය කියන කැල්ලකුත් එකතු වෙලා තිබුනනේ... ඒ හින්දාම නිමලාගේ කෙස් එකට පොඩ්ඩක් විතර උදව් කරන්න පුලුවන් කමකුත් නොතිබුනාම නෙමේ..

අඩුම තරමේ නිමලා එහෙම එකකටවත් ට්‍රයි කරනවා කියලා රසිකා තාම දන්නේවත් නැ...

පම්පෝරියක් නෙමේ මේක නම් ගොඩාක් කෙල්ලාන්ගෙන් හිත දිනා ගැනිමේ හැකියාව මට ගොඩාක් හොදින් තිබුනා කියලා දන්න නිසාම වෙන්න ඇති නිමලා මාවම මේකට තොරගන්න ඇත්තේ අනිත් එක කවදාවත් මිත්‍ර දොහිකමක් නොකරනවා කියන විශ්වාසේ..

උසස් පෙල කරන්න අම්මලා තාත්තලාගේ ස්ථාන මාරු නිසා මේ අපේ ස්කෝලේට ආපු රසිකා එක්ක අඩුම තරමේ ගුඩ් මොනින් කියන වචනේවත් හුවමාරු වෙලා තිබුනේ නැ අපේ කවුරුවත් එක්ක.. අඩුම තරමේ පන්තියේ සෙට් එකත් එක්කවත් ඔනාවට වඩා කතා නොකරපු තමන්ගේ තරමේ අයගෙන එකතු උනු කෙල්ලෝ 6,7 එක්ක ඇරෙන්න වැඩි සද්දයකුත් නැ..

හැමදාම උදේට අර නායක පට්ටම නිසා ගෙට්‍ටු ටික මුර කරන්නම වෙනවා අර මගේ එක කථාවක ඔහොම මුරට හිටියේ නැති හින්දා කොල්ලෙක්ගෙන් සර් කෙනෙක් චාටර උන කතාව මතකයිනේ.. ඔලුවට කොකනට් ඔයිල් ගාලා සර් කියපුවහම සර්ට ඒක ජෙල් එකක් වගේ මිටර් වෙලා පොල්තෙල් කියන එක එකපාර මිටර් නොවි කොල්ලට බැනපු කතාව..

 ඒක බ්ලොග් එකේ තියනවානේ now මේ කතාව කියන්නම්කෝ ඉතින්..

දේව් හැමදාම හිටියේ පිටිපස්සේ ගේට් එක ලග ඒ හින්දා රසිකාව මිට් වෙලාම නම් නැ... ඉස්සරහ ගේට් එකේ ඉන්න ප්‍රිෆෙක්ට් එක්ක සුහද මාරුවක් දාගෙන දේව් ඉස්සර ගේට් එකට ගියෙත් මේ නිමලාගේ කේස් එක හින්දාමයි...

පලවෙනි දවස/

කොයි තරම් මේ වැඩේ වැදගත් උනත් මෙතනට අපු පලවෙනි දවසෙම මට ගුඩ්මොනින් කියන අයට මිසක් මම කාටවත් පැනලා දෙන්න ගියේ නැ.. ගොඩාක් අය ඒක නම් කියලාමයි යන්නේ.. එතකොට මුකුත් අඩු පාඩු බලන්නේ නැ කියලානේ හිතන්නේ... ඒක මට දවසක් තේරුනේ 10 වසරේ මල්ලිලා දෙන්නෙකුගේ කථාවකින්.

බලපන්කෝ බන් මම අරුට ගුඩ්මොනින් කියාගෙන ශේප් එකේ මාරු වෙන්න හැදුවේ.. කොහෙද ගුඩ්මොනින් කිවටවත් සලකන්නේ නැතුව හෙට එනකොට මේ නියපොත්ත කපාගෙන එන්න කිවානේ ... අම්මාගෙන් බැනුම් අහ අහ මාසයක් තිස්සේ නිවාඩු කාලේ මේ වවා ගත්තේ.. ඒ විතරක් නම් මදෑ ශර්ට් එකේ ඩබල් ලයින් ටිකත් ලිහාගෙන එන්න කිවානේ... අනේ මන්දා මොනවද මේවගේ වැරදි කියලා... (ඇත්තටම මටත් අදටවට් තෙරෙන්නේ නැ ඩබල් මැශින් ඇයි තහනම් අපේ ස්කොල වල කියලා.. එකෙන් ලස්සනක් වගේම ශක්තියකුත් එනවානේ)

හොව් හොව් කථාව වෙන පැත්තකට යනවානේ... ආයෙත් ලයින් එකට

දවසක් දෙකක් ගෙවිලා ගියා මුනේ හිනාවක් නොතිබුන රසිකා හිනාවෙන්න පටන් අරන් තිබුනා.. ඒත් මම මේ කරන්නේ තව කෙනෙක්ට උදව් කරන්න ඕන වැඩක් නේද කියලා හැම වෙලේම හිතේ තිබුන නිසා ඔනාවට වඩා දුර යන්න දෙන්නත් බැනේ... පලවෙනි දවසේ දෙකේ මම ගුඩ්මොනින් කිවත් හැමදාම උදේට මටත් කලින් ගුඩ් මොර්නින් කියන්න රසිකා පුරුදු උනේ කාලයටත් හොරාමයි...

දවසක් නිමලා ලගට ඇවිත් කොහොමද උබ රසිකාට කිවාද බන්.........

නිමලෝ එකි තාම ගුඩ් මොනින් කියනවා මිසක් වෙන වචනයක් වත් කථා කරලාත් නැ අනිත් එක උබත් පොඩ්ඩක් වචනයක් දෙකක් දාන්න බලපං.. නැත්නම් උබ ගැන මුකුත්ම එකි දන්නේ නැනේ බන්..

මම ට්‍රයි කලා බන්... එත් කොහෙද බන් මට තාම අඩුම තරමේ ගුඩ් මොරින් කියාගන්නවත් පුලුවන් කමක් නැනේ බන්..

උත්සහය අතහරින්න එපා බන් මොනවා උනත් මම ඉන්නවානේ බන් උබත් එක්ක....

ඒක තමයි බන් මට තියන එකම සැනසිම.. අපි බලමුකෝ....

සති කිහිපයකින්...

ගැහැනු ලමයිගේ ඔය අඩු පාඩු බලන්නේ නායිකාවොනේ.. මම උදේ යනකොට අපේ උප හෙඩ් නායිකාව රසිකාව අල්ලගෙන...

අතේ මෙහෙන්දි ගාලා ඇත්තටම ගොඩාක් ලොකුවට නෙමේ අර නායිකාවට තියෙනේ බළල් ඇස් ද කොහෙද??? නැත්නම් ඕක ආයේ කාටවත් පේන විදිහක් නැ අතේ තිබුනට...

එතන ඉදන්ම මකන්න කියලා බුදු ෆාට් එකක්... කෙල්ලගේ ඇස් දෙකෙන් කදුලු පිට වෙන සයිස්... අඩන්න මුන බරවෙලා..

ඇත්තටම දුක හිතුනා මට ....

අක්කෝ හැමදාම අහුවෙන කෙනෙක් නෙමේනේ.. ඊයේ පෙරෙදා නිවාඩු නිසා ගෙදරදි ගා ගන්න ඇති අද මකා ගන්න අමතක වෙලා වගේ.. බලන්නකෝ මුන දිහා.. පව් අක්කෝ යන්න දෙන්න... හෙට මකාගෙන නැවිත් තිබුනොත් මෙතන තියාගෙන මකලා දාමු...

කවදාවත් නැතිව මල්ලිට කරුනාවක් පහල වෙලා...... මොකද ඒ....... හා හා.. ඔන දෙයක් එහෙමනම් අදට යන්න පුලුවන්....

කෙල්ලගේ ඇස් වල ඒ දැකපු හැගිම අදටත් මට දැනෙනවා දැනේනවා වගේ....

යන්නම් අය්යේ... (නම දන්නේ නැති නිසා වෙන්න ඇති.. ගුඩ්මොනින් වලින් තොර වචනයකින් රසිකා කතා කලා)

මෙතන ඉදන් තව ගොඩාක් දේවල් උනා.. ඒත් අද පොස්ට් එක දිග වැඩි වගේ... දේව් ගුඩ් මොනින් නම් කිවා ඉතින් ඊලගට මොකද වෙන්නේ කියලා පුලුවන්නම් අනුමාන කරන්නකෝ....

ඉතිරි කොටස කියවන්න දිගටම ‍රැදි සිටින්න අප සමග

09 October, 2011

ආදරේ කරන්න වයස බලපානවද?? ඇත්තටම මොනවද බලාපොරොත්තු වෙන්නේ...

සිතක සංකල්පනා ලියන මධුරංග අය්යා ලියපු අලුත්ම පොස්ට් එකේ තිබුනා (අය්යාට කෙල්ලෙක් හොයාගන්න නම් නෙමේ) ලෝක පුජිත ආදර කථා ගැන පොස්ට් එකක් එකේ සමහර කමෙන්ට් දැක්කහම කාලෙක ඉදන් ලියන්න උන්නු දෙයක් ආයේ ලියන්න ඕනා කියලා හිතුනේ...

ආදරේ ට වයසක් තියනවාද??

ඇත්තටම නැනේ...

කෙල්ල වැඩිමල් වෙලා කොල්ලා බාල වෙන්න පුලුවන්ද??

ඔන්න ඒකෙදි නම් මම හිතන්නේ එහෙම වෙන එක ඒ තරම් හොද නැ.. (මම හිතන්නේ එහෙමයි ඔයාලා කමක් නැ කියලා හිතයි ඉතින්)

ජිවත් වෙනකොට ආදරේ කරනකොට ඒක ලොකු ප්‍රශ්නයක් කියලා දැනෙන එකක් නැති උනත් දවසක ලමයි තෙරෙන වයසකට ආවහම ඇයි අම්මා , අම්මට වඩා බාල කෙනෙක් හොයාගත්තේ, ඒ කාලේ වෙන අය හිටියේ නැද්ද කියලා ඇහුවොත්...

ඊටත් වඩා.. ඔය අවුරුදු 5,6ක් බාල කොල්ලෙක් බැද ගත්තහම කාලයක් ගිහින් කොල්ලා වෙන කෙල්ලෙක් එක්ක ගියොත් කෙල්ලට මොකද වෙන්නේ...

ඒත් දෙයක් කියන්නමත් ඕනා.. මම දන්න අක්කා කෙනෙක් ඉන්නවා.. එයා මල්ලි කෙනෙක් වෙන කෙනෙක්ට ආදරේ කරනවා (ගෙවල් වලින් තාමත් ප්‍රශ්න තාම බැදලා නම් නැ) ඒ අයගේ ආදර කථාව ප්‍රශ්න මැදින් හොදට ගලාගෙන යනවා...

දෙන්නා මෙච්චර දියුනු ලොකෙක කතා කරන්නේ ටෙක්ස්ට් කරන්නේ වැඩ කරන වෙලාවකදි නිදහසක් ලැබුනහම විතරයි... මිට් වෙලා කොහෙවත් ගිහින් නැ කියලා තමයි කියන්නේ

අපි එවා නම් ඉතින් හරියට කියන්න දන්නේ නැ තමයි.. එත් ඒවා බොරු කියන්නත් බැ.. ආදරේ කියන දේට ගොඩාක් වැදගත් වෙන්නේ විශ්වාසේ කියන දේ, මම දකින සමහර කපල් ඉන්නවා හැම වෙලේම කථා කරනවා , පුලුවන් හැම වෙලාවකම මිට් වෙනවා.. ඒත් විශ්වාසේ නැ... අපි ආදරේ කරනවා නම් අනිවාර්යෙන්ම ආදරේ කරන කෙනාව විශ්වාස කරන්න ඕනා කියන එක මම හදවතින්ම පිලිගන්න දෙයක්.... ආදරේ ජිවත් කරවන්න ....

ආදරේට විශ්වාසේ විතරක්ම තිබිලා ඇතිද????

කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක විතරද???

කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද??


හිත පිරෙන තරම් ආදරේ. තාත්තා කෙනෙක් වගේ ආරක්ෂාවක්, හිත සතු‍ටු කරවන වචන, සතුට. සැනසිම. අගය කිරිම් මේව ඕවා ට අයිති උනත් තව ගොඩාක් එවා  නේද???

05 October, 2011

ගුරු දිනය අපි සැමරුවේ මෙහෙමයි...

මේ පොස්ට් එක ඇත්තටම ගැලපෙන්නේ හෙටට. (හෙට නේද ලෝක ගුරු දිනය) ඒත් අදම ඔන්න ඔහේ කියලා දානවා.. සමහර අය ගොඩාක් ගුරුවරුන්ට වැරදි වලට විතරක් බනිනවා මම ගොඩාක් දැකලා තියනවා.. හොද කියවෙනවා ගොඩාක් අඩුයි... එත් මගේ වාසනාවකට මට හම්බ උනු ගුරුවරු ගොඩාක් ඒ අතින් හොදයි කියලා මට නම් හිතෙනවා... ඇත්තටම ආර්ථික තත්වයෙන් ලොකු තැනක නොතිබුනු මට ගුරුවරු හැමදාමත් උදව් කලා...

මොන්ටිසරි ගිය දවස් වල උගන්වපු ගුරුවරුන්ගේ නම් මතක නැතිවෙන්න ප්‍රධානම හේතුව අපි කථා කලේ ලොකු ටිචර් පොඩි ටිචර් කියලා කථා කරපු එකයි මම නම් හිතන්නේ..

මුලින්ම 1 වසරේදි මට අකුරු කියවපු ජයකොඩි මිස් මගේ මතකේ හැමදාමත් තියනවා අවුරුදු 2කට සැරයක්වත් අපි ඇත්තටම ඒ මිස්ව බලන්න යන්න තරම් පින් වන්ත වෙලා... ඒ යන හැමදාම මිස් කියනවා අපි පන්තිය ඉස්සරහ කවි කියපු හැටි...

කාලේ ඔහොම ගෙවිලා යනකොට අපිට පාසලේ යමක් කරගන්න පුලුවන් තත්වයක් ආපු දා පටන් අපි හැමදාම ගුරු දිනයට හද බැති ගුරු උපහාර කියලා උත්සවයක් පටන් ගත්තා...

මේන් හෝල් එකේ තරු කපලා ගොඩාක් ලොකුවට එහෙම ගහලා.. මුලු මේන් හෝල් එකම සරසලා පාසලේ හැම පන්තියක්ම එකතු කරගෙන හැම ගුරුවරයෙක්ම එකතු කරගෙන ඒ දවස සමරපු අවස්ථා ගොඩක මුලික වෙලා කටයුතු කරන්න තරම් මම වාසනාවන්ත වුනා. මේ හැම උත්සවයකම කථා කරන හෑම ගුරුවරයෙක්ම වගේ කියන එක කථාවක් කියනවා මේ දේවල් කලාට කමක් නැ..එත් ඇත්තටම ගුරුවරුන්ට සලකනවා කියන්නේ හොදට ඉගන ගෙන ගුරුවරු වෙන අපිට ආඩම්බරයෙන් කථාකරන්න පුලුවන් වෙන්න මේ අපෙන් ඉගන ගත්ත ලමයෙක් කියලා කියන්න පුලුවන් වෙන්න වැඩ කරන එකයි කියලා

ඒ හැමදාකම අපි ගුරුවරුන්ට කැම වේලකින් සංග්‍රහ කරන්න අමතක කලේත් නැ..
ඒ තරමට අපිට ගොඩාක් සමිප උනු ගුරුවරු ඒ කාලේ උන්නා... ඇත්තම ඒ තරම් කාලයක් නොවුනත් අද එහෙම වෙනවද ඊට වඩා හොදට වෙනවද කියලා මම නම් දන්නේ නැ.. මගේ ගුරුවරුන්ට මම ගොඩාක් ආදරෙයි.. මේ පොස්ට් එකෙන් මට ඒක කියලා ඉවර කරන්න බැරි උනත් මට උගන්වපු , නොඋගන්න්වපු ජාතියේ ගුරු මව් පිය වරුන්ට උපහාරයක්ම වේවා..


එහෙම දවසක් යොදාගෙන ගුරුවරුන්ට සලකන එක කරන එකට වඩා හැමදාම අපි ගුරු මව්වරු පියවරුන්ට සලකන්න ඔනා කියලා මම විශ්වාස කරනවා...

එහෙම දවසක  මගේ අතින් ලියවුනු මේ නිසදැස ගුරු මව් පිය උපහාරය වෙනුවෙන්මයි.. (ඇත්තටම මට එහෙම නිසදැස් එහෙම ලියන්න පුරුද්දක් නම් නැ.. ඒත් එදා නම් ගොඩාක් අය හොදයි කිවා.. ඔයාලට කොහොමද දන්නේ නැ)

 
නිලුපුල් පුල් සේද මාවතේ
වෑටි ඈති මහනෙල් පෙති සමුහයක් සේද
සදු තරු හිනෑහෙන්නවු
ධවල මිදුම් ගෑබ් රාත්‍රියක
වලුක් මල් මත පතිත වු
පිණි කෑට සේද
රශ්මිය විහිදුවන්නාවු හසරදයන් සේද
අප විදු පියසට වෑඩියා නොවේද?
කඩුපුල් මල් වෑසි වසිනා බව
ඔබ අපට කියා දුන්නා නොවේද?
දිය බිදු සොයා යන මුව පෑටවුන්ට
මිරිගුවක් නොපෙන්වා
විදුරු ගිරු බිතක
ඔබ්බට ඈති සෑම
මිනිකෑටයක්ම ඉගෑන්වු
අපගේ ගුරු මව්පියවරුන්ට
අප හද පතුලින්ම
මේ උපහර දිනයේදි
තුති මල් පුදමු...


03 October, 2011

බිස්කට් මංකොල්ලය.. වැඩේ දෙල් වෙයි

ලගදි දවසක නිසුපා අක්කාත් හොරු ඇවිත් කියලා කථාවක් ලියලා තිබුනා මට මතකයි.. අද මේ මම කියන්නේ හොරු ආපු කථාවක් නම් නෙමේ... හොරෙන් පැනලා අහු වුන කතාවක්...

මතක ඇති නේද ඔයාලට අර ස්කෝල වල ලමයින්ට ලොකු මාරි බිස්කට් කන්න දිලා කොල කැද බොන්න දිපු යුගේ...
මේ ඒ මාරි නම් නෙමේ.. ඒවා දැන් දකින්න නැහැනේ

ඒ කාලේ උන දෙයක් තමා මේක...

මම මුලින්ම ගියපු පාසල ඇත්තටම ඕලෙවල් වෙනකන් විතරක් තිබුන ග්‍රාමිය පරිසරයක ඒත් පලාතේ හොද නමක් තිබුන පාසලක්...

දේවාගේ ටිකක් විතර නෝමල් චරිතයක් ඉතින්... ඒත් දේවාට උන්නා නාහට නාහන හොද යාලුවෝ ටිකක් සුප්පා... මබ්බා.. කුන්නා... පෙද්දා... ඔය කියන්නේ ඒ සෙට් එකෙන් මගේ ලගම උන්නු දෙතුන් දෙනෙක්...

අපේ ප්‍රින්සිපල්ගේ ඔ‍ෆිස් එකේ එක කාමරයක තමා ඉතින් ඔය ලොකු මාරි බිස්කට් පෙට්ටි ටික පැක් කරලා තිබුනේ.... ,

ඕවා බෙදන්නේ 11 වසරේ අය්යා ටිකක් හැමදාම අපිට දෙක තුනක් දිලා අය්යලා 15 , 20 ඕවා ගිලින අත්දැකිම් අපිට ගොඩාක් ඒ දවස්වල විදින්න වෙලා තිබුනා. මොනවා කරන්නද පැත්තකට වෙලා බලාන ඉන්නවා මිසක්...

මචන් හැමාදාම වෙන්නේ මේකමයි.. අපි දෙමුද ගේමක් සුප්පාගෙන් ආවා මහ පොර අයිඩියා එකක්...

අනේ මේ දැන් උබ හදන්නේ ප්‍රින්සිපල්ගේ රුම් එකට පනින්නද?? මබ්බාත් කථාවට හවුල් වුනා...

දේව් උබත් එනවානේ..උබ ආවහම වැඩේ ගොඩාක් ලේසියිනේ... මොකද ගේමක් නැතුව උබට ඕකට රින්ගන්න පුලුවන්නේ....

අනේ මේ මගෙන් මුකුත් අහගන්නේ නැතුව ඉන්නවද???

එහෙම කියලා හරියන්නේ නැ ඔන්න හෙට ගේම දෙනවා.... (අනේ මෙහෙමත් දුෂ්ඨ යාලුවෝ ටිකක්)

මෙහෙමයි වැඩේ වෙන්නේ.. සුප්පා පැලැන ඔක්කොමට කියනවා අපි අහගෙන ඉන්න්නවා..

කොහොමත් උදේට පන්තියේ නාම ලේඛනේ ගෙන්න යනවානේ ඔ‍ෆිස් එකට.... එතකොට ඔය කාමරේට යන්න දේව් ට පුලුවන්.. අපි ඉන්නවා ජනෙලේ ලග..

එතනට ගිහින් එක පෙට්ටියක් දෙකක් අපිට පාස් කරන්න.. අපි ශේප් එකේ කොස් ගහ ලගින් ගිහින් එතනින් විලෝ ගස් මැද්දෙන් පිට්ටනියේ කෙලවරේ උදේටම ඒ තරම් සෙට් එකක් නැනේ එතනින් බයිසිකල් මඩුවට පැන ගත්තාට පස්සේ කොහොමත් එතනින් එහා පැත්තේ අපේ පන්තියනේ.... කබඩ් එකේ දාපුවාහම නෝ කේස්නේ ( කබඩ් එක මතකයිනේ... අර කෙසෙල් හන්ගපු තැන)

පසුදා උදැසන....

දේව් වැඩේට සෙට්නේ....

අනේ මන්දා බන් මේකෙන් ගස් යන්නේ මමනේ...

ඒ ඉතින් අහු වුනොත්නේ... කියලා මබ්බා මාව ශේප් කරගෙන යවන්න තමා හදන්නේ...

ආහ් ඔය නායක පට්ටම ගලවලා සක්කුවේ දාගන්න... සුප්පාගෙන් උපදේසක්...

ඒ මොකද බන්  මට වගේම අනිත් අයටත් ප්‍රශ්නයක්..

අහුවුනොත් බන් ඒකයි.. ඔය පට්ටම් බැච් එක ඇතටත් පේනවා.. ඉතින් බැරිවෙලාවත් ඕක දැක්කොත් ඔවා තියන අය ස්කොලෙටම ඉන්නේ 11යි එකෙන් 6,7ක්ම පොඩි උන්... එතකොට ඉතිරි කියද???
වැඩේ නිකන්ම මාට්‍ටු...

අනේ මේ මට බැ බන් උබලාම කරගනින්... මට කියවුනා..

අනේ මේ දැන් ඔක්කෝම අවුල් නොකර එතනට ගිහින් අපිට පෙට්ටි දෙක තුනක් පාස් කරනවද?? මැර තර්ජනයක්ද මන්දා....

කොහොමහරි ඔය කියපු විදිහටම වැඩේ අවුලක් නැතුව සිද්ද උනා කියමුකෝ... ඇත ප්‍රින්සිපල් එනවා දැකලා පෙට්ටි දෙකත් උස්සන් දුවපු එක ඇරෙන්න... අපි හිතුවේ නම් එහෙම තමා..

වැඩේ ගොඩ කියලා සතුටෙන්

පැය 3 , 4කට පස්සේ කොල්ලෙක් එනවා පන්ති නායක ‍රැස්විමක් තියනවා ඊලග පිරියඩ් එක පටන් ගන්න බෙල් එක ගහනකොට සංගිත කාමරේට එන්න කියලා (සංගිත කාමරේ තමා පොඩි පොඩි දේවල් වලට සම්බන්ද ‍රැස් විම් තිබ්බේ)

කෝ දේව් පන්ති නායක බැච් එක... ගහගෙන ‍රැස්විමට යන්න දැන් බෙල් එක ගහන්න වෙලාවත් ලගයිනේ...

මලා එතකන් මම ඉදලා තියෙන්නේ ඒක නැතුවනේ.... කොහෙද මේ සුප්පා ඕක ගලවගන්න කිවට ගහ ගන්න කිවේ නැනේ...

මාත් ඉතින් ඕක ගැන ගොඩාක් හිතුවේ නැනේ..

මාරම අප්සෙට්  බැච් එක අතුරුදහන්....

‍රැස්විම අතරතුර

මෙච්චර කාලෙකට වෙලා නැති දෙයක් අද වෙලා තියනවා මගේ ඔ‍ෆිස් එකේ... ඒක මොකක්ද කියලා මම දැන් කිය්න්නේ නැ... කරපු අය ගැන දන්නවානම් හරි ඒකට සම්බන්ද අය ඉන්නවානම් පස්සේ ඇවිත් මාව හම්බවෙන්න

මාව ගැහෙන්න ගත්තා.. ඒත් ප්‍රසිද්දියේ නම කියන්න පුලුවන් කම තියනකොටත් නොකිව නිසා හම්බවෙලාම ගුටි කන්න මම හිත හදා ගත්තා...

‍රැස්විම ඉවර වෙලා ඔ‍ෆිස් එකේ..

දේව් මම දන්නවා ඔයා වැරදි කරලා තියනවා ගොඩාක් අඩුයි.. මම දන්න විදිහට මේ වැරද්දකටම අහු වුනාමයි මම හිතන්නේ... මම මේ ‍රැස්විම තිබ්බෙත් කාගේ බැච් එක කාගේද කියලා දැන ගන්න...

කොහොමත් ඉතින් මේකට හේතුවක් තියන්න ඕනානේ.. බලන්න කියමු බලන්න හේතුව..

මේකයි සර් ඇත්තටම වැරද්දක් කියලා මම පිලිගන්නවා.. හැමදාම අපිට එක විස්කොතුවයි දෙකයි... එත් හැමදාම 11 වසරේ අය්යාලා අපිට පෙන්න පෙන්න විස්කොතු 15,20 කනවා.. ඒකයි සර්...

 කොහොම උනත් කරලා තියෙන්නේ ලොකු වැරද්දක්.. එත් පලවෙනි වැරද්ද නිසා සමාව දෙනවා... ආයේ එහෙම වෙන්න බැ.. මොකක් හරි ප්‍රශ්නයක් තියනවානම් ඇවිත් මට හරි ගුරුවරයෙකුට හරි කියන්න.....

අන්තිමේ මේක හින්දා 11 වසර විතරක් ස්කොලේ විස්කොතු බෙදපු එක සතියේ දවස් 5 පන්ති 5කට පැවරුනා... .

බදාගෙන කන්න නෙමේ බෙදාගෙන කන්න..

* රස කතාවක් කිවට පොඩි විකාරයක් වගේ ඒත් මේක හින්දා අපි ඒ කාලේ රස කර කර විස්කොතු නම් කැවා

** මේකට මම සම්බන්ද නැ කිවා නම් අනිවා මාව කොහොමහරි මාවත් මේකට ගාවනවනේ..  චරිත වල  පොඩි පොඩි එඩිට් ඇතුව කතාව ලිව්වා...

 -හින්ට් : ලෝක ගුරු දිනයත් ලග එනවා-

01 October, 2011

එක්ස්පයර් ඩේට්

ඹම පරක්කු වෙන දවසට ඔය කලින් යනව. මම කලින් එන දවසට ඔය පරක්කු වෙනවා.  එත් ඇයි ඔය මට මෙහෙම කරන්නේ? ඹම දන්නවා මම නැති උනාට ඔයව බලපොරොත්තුවෙන ගොඩක් අය ඉන්නව කියලා. එත් මට දෑන් ඔයාව කවදාවත් මග අරින්නම බැ. මොකද ඔයා

ගමට තියන එකම බස් එක,....


වයිෆ්-
මොනවද ඩාර්ලින් ඔයා ඔතන ඉදගෙන කරන්නෙ

හස්බන්ඩ්-
මුකුත් නැ මෙයා

වයිෆ්-

මුකුත් නැති වෙන්නෙ කොහොමද ඔයා අපේ කසාද සහතිකෙ අරගෙන උදෙ ඉදලා එහා පැත්ත මෙහා පැත්ත පෙරලගෙන හොයන්නෙ,,,,


හස්බන්ඩ්-

නැ අනේ මම මේ බැලුවේ මේකේ  එක්ස්පයර් ඩේට්  එකක් තියෙනවද කියල තියනවානම් තව කොයි තරම් කල් ඒකට බලන් ඉන්න ඕනද කියලා..


පාසල් රස කථාවක් සමග ඉක්මනින්ම...

එතෙක් ‍රැදි සිටින්න අප සමග....

ආහ්හ්හ්හ්  ඔන්න බ්ලොග් ලියන ඔක්කොම මල්ලිලා නංගිලාට සුභ ළමා දිනයක්ම වේවා

ප.ලි : මේ කථා දෙකම එෆ් බි යාලුවෙකුගෙන්.. කියවලා තියන රිපිට් එකක්නම් සමාවෙන සේක්වා.