ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

26 June, 2011

කමෙන්ට් ටික ගැන ගමුද? මෙයාට කියලා...තවත් පොඩි වැඩ කැල්ලක්

ඇත්තටම මම හිතුවේ මම මේක කලින් ඔයාලට දෙන්න ඇති කියලා.. එත් දිලා නැනේ..
මගේ අතින් වැරදිමකින් මගේ බ්ලොග් එකේ ලියපු ලිපිත් එක්ක කමෙන්ට් ගැනෙන ඒ පොඩිම පොඩි වැඩ කැල්ල දෙන්න අයින් වෙලා...
 

ඔන්න මම ආයෙත් දැම්මා... ඉතින් මේ පාර ඔයාලටත් ඒක දිලාම ඉන්නවා කියලා මෙන්න මේ පොස්ට් එක දානවා...
 

ටිකක් හදිසියෙන් තමා මේ පොස්ට් එක දාන්නේ.. මේක ඔයාලත් කැමතිනම් දාගෙනම බලන්නකෝ....

මුලින්ම කරන්න තියෙනේ ඔයාලගේ බ්ලොග් එකේ Add a Gadget  කියන එක තොර ගන්න එකනේ....
ඒකට මෙහෙම යන්න
Dash Board ---- > Design ----> Page Elements ----> Add a Gadget
 

ඊට පස්සේ
 

Add Html
 

හොයාගෙන්න්කෝ

හොයාගෙන ඒකට මෙන්න මේ මම දෙන කොඩ් එක කොපි කරගන්නකෝ




<script style="text/javascript">
function showpostcount(json) {
document.write(' ඔක්කෝම ලිපි: <b>' + parseInt(json.feed.openSearch$totalResults.$t,10) + '</b><br>');}</script>
<script src="http://Sadaru.World.blogspot.com/feeds/posts/default?alt=json-in-script&callback=showpostcount"></script>

<script style="text/javascript"></script>

<script style="text/javascript">
function numberOfComments(json) {
document.write(' ඔක්කෝම ප්රතිචාර : <b>' + json.feed.openSearch$totalResults.$t + '</b><br>');}</script>
<script src="http:// Sadaru.World.blogspot.com/feeds/comments/default?alt=json-in-script&callback=numberOfComments"></script>

ඔන්න මේ කොඩ් එකේ ඔය රතු පාටින් තියන එකට ඔයාලගේ බ්ලොග් එකේ ඇඩ්‍රර්ස් එක දෙන්නකෝ

කොල පාට එකට ඔයාලා කැමති විදිහකට දාලා වෙනස් කරගන්නකෝ

ඔන්න දැන් සේව් කරගෙන බ්ලොග් එකට ගිහින් බලන්නකෝ

වැඩේ ගොඩනේ. එහෙමනම් ඔන්න මම ගියා... 



ෆලෝ කරලා කමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපෝ......

.....මෙන්න තිරනේ, එක්ක හැමෝටම ආරාධනාවක්.....

දේවා ඔන්න තිරනය අරගත්තා... ඔයාලට චන්දේ දාන්න තිබුනු කාලේ ඔන්න අද (26) උදාවත් එක්කම අවසන් වෙලා.... සාමන්යෙන් ලකාවේ තියන චන්දයක් වගේ හොර චන්ද දාන්න මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියා වලින් තොර සාමකාමි මැතිවරණයක් ලෙස හදුන්වන්න පුලුවන් කියලායි දේවා ගේ අඩවිය හා සම්බන්ද ප්‍රකාශකයෙක් අප බ්ලොග් අඩවියට දන්වා සිටියේ

මේ පොස්ට් එක මගේ පොඩිම පොස්ට් එක වෙයිද දන්නේ නැ,, එහෙම වෙන්න දෙන්නේ නැතුව වැඩ කරන්න මම බලාපොරොත්තු වෙනවා... මෙන්න අද චන්දේ ප්‍රකාශ කරන්නයි මගේ බ්ලොග් එක කියවන්නයි තිබුනු උනුසුම් ජනතා පෙලහරේ සාක්ෂි.............

අද දවසේ මගේ බ්ලොග් ඉතිහාසේ මෙතෙක් හිට්ස් තබා තිබු සියලු වාර්තා අබිභවමින් ඉතා විශාල පි‍ටු සංඛාවක් පෙරලා ඇත

ඔන්න බලලාම ඉන්නකෝ


හිට්ස් 4000 සිමාවද එක දිනක් තුල පසු කරමින් අද මගේ හිට්ස් 31000 සිමාවටද ලගා වෙලා.. කියන්න වචන නැ.. ඉකමනටම 50000 සිමාවෙදි මට මේ ගැන ආයේ කතා කරන්න පුලුවන් වෙයි

දවස් 57යි පොස්ට් 62යි හිට්ස් 31000 යි.. තාමත් කමෙන්ට් වලින් 500 සිමාවට ලගා විමට නොහැකි විම ඇත්තටම දුකට හේතුවක් උනතේ ඒ සදහා දායකත්වය මට ඕනා කරනේ කියවන ඔයාලගෙන් තමයි... එන හැම වෙලාවෙම යන හැම පි‍ටුවකම වචනයකින් හරි කමෙන්ට් කරලා යන්න

ඒක මට ගොඩාක් ලොකු ශක්තියක් වගේම උපකාරයක්

චන්දේ තිබ්බේ මම ලියන්න ඕනේ මොනවද කියලා අහලානේ.. ඔයාලගෙන් 85% කට එහා පිරිසක් කැමති වෙලා තිබුනේ මෙහෙම අච්චාරුවක් වගේ ඔක්කොම ලියනවට තමා.

මාත් එහෙම ලියන්න හිතුවා දිගටම.. ඒත් පොඩි පොඩි වෙනස් කම් ටිකක් වෙයි ඉස්සරහට.. ඒවා මම කියන්නේ නම් නැ,.. මාත් එක්ක දිගටම ඉන්නකෝ

ඔයාලට දැනගන්න පුලුවන්නේ එතකොට...

තාම ෆලෝ කරේ නැත්නම් අදම ෆලෝ කරමු නේද????
 කමෙන්ට් දාලා ෆලෝ කරන එක තමයි මට ගොඩාක් වටින්නේ ඔන්න...

එහෙම කරලා මේ පොඩි කොල්ලාගේ හිත හදලා යන්නකෝ

25 June, 2011

මෙන්න නියම විකාර........... කැලි සින්දු

මේක නම් විකාර පොස්ට් එකක් තමයි.. එත් එහෙම කියන එක ඔයාලට බාරයි...

මම පොඩි චන්දේ විමසුමක් දාලා තියනවානේ... ඔන්න එකේ විකාර කියලා එකකුත් තියනවා.. එත් අද මගේ බ්ලොග් එක බලනකොට හිතුනා මොකකටද මම විකාර කියලා කියන්නේ කියලා.. ඔන්න ඒ අඩුව පිරිමහගන්නයි මේ පොස්ට් එක දාන්නේ.. දන්නේ නැ මේකට එක කමෙන්ට් එකක් වත් වැටෙයිද කියලා....
එත් මේක විකාරයක්නේ.... එන්නකෝ ඇවිත් කියවලා බලලා යන්න ඔයාලට පුලුවන්නම්....

ඔයාලා හැමොම සින්දු අහනවානේ..........

නැ කියලාද කියන්නේ......... බොරුනේ....................... නැ නැ ඔයලා කියන්නේ ඇත්ත... ඔයාලා සින්දු අහන්නේ නැ.. ඇහෙනවා.. නේද????

ඔන්න ඔයාලා අහන ඒ සින්දු වලින් කිපයක් මගේ 11 වසරේ ඉන්න  නංගිගේ පන්තියේ යාලුවෝ සෙට් එක එඩිට් කරලා...


මට ඉතින් හිතුනා මේ මොන විකාරයක්ද? බ්ලොග් එකේ විකාර ලේබලයට මරුනේ කියලා..

දැන් මේවා කොයි තරම් දුරකට පැතිරිලාද දන්නේ නැ... තව දන්න ඒවා එහෙම තියෙනම් මාවත් ඔය පහල තියන කමෙන්ට් දාන කො‍ටුව හරහා  දැනුවත් කරන්නකෝ...

මම මේ සින්දු වල ඔරිජිනල් සින්දුව නෙමේ දාන්නේ... හදපු එක තමයි... ඔයාලා ඔරිජිනල් එක දන්නවානේ... මම ඉතින් ඒකේ මුල් පදය තමා දාන්න වෙන්නේ

ඔන්න ඉතින් ඇවිත් ඉන්න ඔයාලා කියවලාම බලන්නකෝ...

කවුලු පියන්පත් වහන්න...............
ජනෙල් පියන් දෙක වහන්න
කැම කාමරේ
පොද වැස්ස ඇවිත් ගෙතුල කැත කරාවි
පුන්චි නංගියේ

වැස්ස වැහලා පායන්නට වෙලා යයි මගේ හිතේ
මට යන්න අනේ බැරිවෙනවානේ පංතියට නගෝ
අය්යා මොකද පංති යන්නේ මේ මහ වැස්සේ
අර ඇදට ගිහින් නිදා ගන්න මොන ගමන් අනේ

ඒක නේමේ නංගි මගේ මොනවද අද ඉව්වේ
මට කන්න දෙයක් තියනවානම් දෙන්නකෝංංං අනේ
බත් උයලා සම්බොලත් එක්ක තියනවා
අර ඊයේ ‍රැට බැදපු මාලු එහෙම තාම තියනවා


වෙනතක යන්න ගියා.....

අහසම කලු කරලා - මහ වැස්ස්සක් එනවා
ගොරවන සද්දේ ඇසි - කන් අඩි පුපුරනවා......//
උදැල්ල කරේ තියන් - ගොවියන් ගෙදර ඇවිත්
එහා කොනේ අම්බරුවෙක් ඉද - උම්බැ කියා හඩයි....//

ඇළ දොල ගංගාවන් - සතුටින් ඉපිල නටයි
ගෙම්බන් මහ වැස්සට - එන්නට කියා කියයි...//
ගස්වැල් සොලවාලා - මද සුලගක් ඇතට යයි
වැස්සක් එනවා කියා - වැහිලිහිනියෝ ඉගිලි යයි..//


තුම් පාස අයේ...

වැලිබත් උයලා
කොලවල බෙදාලා
කැවා අපි පොඩි කාලේ නටාලා
නැ ඒ කාලේ අයේ එන්නේ
මතකයි දුව පැන ගිය හැටි බාලේ

තව කවි ටිකක් නම් තියනවා.... එත් ඔයාලා කියවන්නේ නැත්නම් මම කියලා වැඩකුත් නැනේ...
ඔන්න ඉතින් බැනලා හරි කමෙන්ට් එකක් දාලා යන්න ආයේ මේ විකාර එපා කියලා

මොනවා උනත් ෆලෝ කරන්න පුලුවන්නම් මට ගොඩාක් වටිනවා...

මෙහෙමත් ගැනු (සමස්ත ගැහැනු පරපුරටම නේමේ)

මේ කතාව අහන්න හම්බ උනේ අද හවස මගේ පරන යාලුවෝ ටිකක් සෙට් උන වෙලාවෙයි.... යාලුවෝ සෙට් වෙන්න්නත් ඉතින් සති අන්තයක්ම එන්න ඕනනේ... ඔන්න දැන් ඉතින් හිතුවා වැරදියට අද බීමක් තමා කියලා... අනේ අපි නැ ඕවට... යාලුවෝ සියක් එකතු වෙලා බිමක් දැම්මත් දේවා කවදාවත් ඔය දේවල් කටේ තියලා නැ... දන්නේ නැ මේක රටේම තත්වෙද නැත්නම් මම ඉන්න ප්‍රදේශේ තත්වෙය්ද කියලා ගොඩාක් තරුන අය බීමට ඇබ්බෙහි වෙලා තියනවා ගොඩාක් අඩුයි.. නොබොනවාම නෙමේ.. හැබැයි නාන්නේ නැ.. දැන් කොල්ලෝ බුද්ධිමත්....

කියන්න ආපු කතාව කියලා ඉන්නම්කෝ... මගේ එක යාලුවෙක් රජයේ ආයතනයක (මොකකහරි කියලා හිතාගන්නකෝ) වැඩ කරනවා...ගිය මාසෙට කලින් මාසේ  දවසක වැඩ කරන තැනට අලුතෙන් ස්ටාෆ් එකට කෙනෙක් මාරු විමක් හදාගෙන ඇවිත්.... (ආයතනයේ වැඩ කරලා ගොඩාක් එක්ස්පිරියන්ස් තියෙන කෙනෙක් මේ කියන ගැනු කෙනා)


ආපු දවසේම මේ ගැනු කෙනා පියන් එක්ක ලන්ච් අවර් එකේ එලියට ගියාලු..(මේවා අහගෙන තිබුනේ පියන්ගෙන් තමා)

කොහෙද බන් මෙහේ කන්න හොදම කඩේ තියෙන්නේ....

මිස් මෙහේ හොදම කඩේ නම් ********** තමා..

මොකාද ඉතින් කඩේ කරන්නේ හොද ඩයල් එකක්ද???

ආපු පලවෙනි දවසේ (මේ ඔ‍ෆිස් එකට තමා පලවෙනි දවස. මිට කලින් අවුරුදු 10ක විතර එක්ස්පිරියන් තියනවාලුනේ  වයස 35ක් විතර)
මෙහෙම කතා අහනකොට පියන් මුකුත් කියන්න ගිහින් නැහැලු

කොහොම හරි ඉතින් පලවෙනි දවසෙ පියන්ටත් පිනා චාන්ස් වැදිලා නිකන් මිස්ගේ ගානේ කන්න...

දෙවෙනි දවසේ මේ මිස් තනියම කන්න ගිහින් තියෙන්නේ..... හරියටම පැයම කැමට ගන්නවලු.. විනාඩියක් හරි තියනවනම් ගේට් එක ලග ඉදලා පැය ඉවරවෙනකොටමලු තමා ආයේ වැඩට එන්නේ...

මේක වෙලා තියෙන්නේ ඇවිත් සති 2කට විතර පස්සේ දවසක.. 12 ට පහක් විතර තියනකොට කර මම කලින් කිව කඩේ අයිතිකාරයාම බත් එකක අරගෙන වැඩ කරන තැනට ඇවිත් ඔන්න අර මිස්ට දිලාම යනවලු... මේ මනුස්සයා ගොඩාක් ලොකු සල්ලි කාරයෙක්.. පැත්තෙම තියන හොදම කඩ දෙකක මේ මිනිහට තියනවලු....
එත් කැම ගෙනත් දෙන්න තරම්...

කට්ටියටම මේක හරි ප්‍රශ්නයක් වෙලා... පියන් ලගට ගිහින් ඇහුවලු ඇයි මිස් මට කිවේ නැත්තේ කිවා නම් මම කැම එක ගේනවනේ....කියලා

උබ මොකටද බන් බොරුවට මහන්සි වෙන්නේ... මම ඉතින් ටිකක් දිලා ගොඩාක් ගන්න්වානේ බන්... ඔය ඊයේ විනඩි 5හේ වැඩක් හින්දා තමයි... (අනේ මම දන්නේ නැ මොනවද ඔය විනාඩි 5ට කලේ කියලා.. මම යාලුවගෙන්වත් යාලුවා පියන්ගෙන්වත් අහලා නැතුව ඇති...)
මම කිවේ මේ කතාව මෙහෙම ගැනුත් ඕන තරම් රටේ ඉන්නවා... තමන්ගේ ගරුත්වය තමන්ම ප්‍රසිදිදියේ හරි අප්‍රසිද්දියේ නැති කර ගන්න අය... ජිවිතේ හැමදාටම ලග තියා ගන්න මේ වගේ අයව නම් හොයා ගන්න එපා...

ඇවිත් මාස 2,3කින් විශේස ලිපියකින් මේ කෙනා මේ සතියේ මාරු වෙලා ගිහින් තියනවා.... සමහර විට හෙට එන්නේ ඔයාලා වැඩ කරන තැනට වෙන්න පුලුවන්

වි .කි : මම කිවේ රටේ සමස්ත ගැහැනු අය ගැන නෙමේ ගොඩාක් හොද තමන්ගේ චරිතේ ‍රැකගෙන වැඩ කරන ගොඩාක් හොද අය ඉන්නවා.. මෙහෙම අයත් ටිකක් ඉන්නවා.. මාසෙට දෙකට කරපු වැඩ ගොඩාක් තියනවා සමහර ඒව ලියන්නත් බැ

ඔන්න මගේ යාලුවනේ ඔයාලා කැමති දෙයක් ලියලා ෆලෝ කරලම යන්නකෝ

24 June, 2011

මෙන්න මගේ බ්ලොග් කියවන කියවපු අයට කරන්න වැඩක්

මේක කාටවත් වැදගත් පොස්ට් එකක් වෙන්න නම් බැ.. එත් මේක මට ටිකක් වැදගත් දෙයක්... මේ බ්ලොග් එක මම පටන් ගත්තේ ඇත්තටම මගේ කලින් බ්ලොග් එක ස්පැම් කියලා ගුගල් මාමා මාත් එක්ක තරහ වෙලා මාව ඩිසේබල් කරලා දාපු නිසානේ..


කොහොමහරි එදා දාගත්තු නම වෙනස් කරගෙන මමත් පොඩි ගමනක් මේ ‍ෆිල්ඩ් එකේ ඔයාලත් එක්ක සැහල්ලුවෙන් ගමන් කරනවානේ... එක්කෙනෙක් විතරක් මට පොඩි පාට් එකක් දාන්න ආවත්............. දැන් ඒ ගැන කතා ඕනේ නැනේ නේද?

මම අද මේ පොස්ට් එකෙන් ඔයාලට චන්දේ දෙන්න අවස්ථාවක් හිතුවා.. ඔයාලට පුලුවන් මට උදව් කරන්න..
මමම් මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ ගැජමැටික්ස් ගැන ලියන්නනම් නෙමේ

ඒත් මම ඒවත් ලිවා.... තව එක එක දේවල් ගොඩාක් ලිවනේ.. ඔයාලට මගේ බ්ලොග් එකේ මම ලියන්න ඕන මොනවා ගැනද කියලා පොඩි චන්දයක් එහෙම දාලා කියන්න තියන දෙයක් කියලා........... යන්නකෝ

තව ටිකෙන් කියන්න අමතක වෙනවා.. මේක ෆලෝ නොකරපු අය ෆලෝ කරලාම යන්න ගොඩාක් දේවල් දේවා ඉස්සරහට කරනවා...

එහෙමනම් අදට ගිහින් එන්නම්කෝ.. හෙටත් නිවාඩුනේ.... අනිවා එනවා.. 



PLS GIVE YOUR VOTE NOW........

23 June, 2011

තව නුලෙන් මමත් කෝට් (කතන්දරේ වගේ)

මේක උනේ නම් අද උදේ දේවා වැඩට යන්නේ ගෙදර ඉදන් කිලෝ මිටර් 30ක් විතර දුර තියන තැනක තමා... මේ ගමනට සාමාන්යෙන් යන්නේ හොදම ටයිම් එකේ නිසා (7-8) කොහොමත් පැයකට කිට්‍ටු කාලයක් යනවා.. කතන්දරත් මේ දවස් වල කිය කියා යනවනේ මෙගා සිරිස් එක රතු කොරොල්ලා ගමනේ අකර තැබ්බ ගැන.. හැමොම එක දන්නවානේ... මම කියන්නේ එහෙම වගේ උනාට එහෙම එකක් නෙමේ ඉතින්....
අනික තාම මට රතු කොරොල්ලා එහෙම නැනේ...( තාම මම පොඩි එකානේ) තව ඒවට කල් තියනවා මට.. වැඩට යන්නේ මගේ ප්ලැටිනා බයික් එකේ... ඇත්තටම බයික් එකේ ගමන ට්‍රැපික් තියන වෙලාවට කොයි තරම් අමාරුද ලේසිද කියන එක එහෙම වෙලාවක බයික් පැදපු පදින ඕන කෙනෙක් දන්නවනේ...

ඔන්න අද ඉතින් උදේ නැගිටින කොට වෙලාව 6.35 යි කුකුලා අතේ.. (‍රැට නිදා ගන්නේ නැතුව මම ඇහැරිලා ඉන්නවනේ) වෙනදට මම කොහොමත් 7 ට කලින් ගෙදරින් යනවානේ... අද ඉතින් යන්න වෙන්නේ නැ කියලා ඔරලොසුව දකින කොටම මට හිතුනා.. අනිත් එක ඇහැරෙන්නේ නැ මාව ඒ වෙලාවටවත් අම්මා ඇහැරුවේ නැත්නම් (ඇත්තටම මම තාම පොඩි එකා තමයි.... ගෙදර තව පොඩි උන් උන්නට)

කොහොමහරි ඉතින් ටිකක් ඉක්මනට රෙඩි වෙලා වැඩට යන්න කියලා මගේ පැලැටිනා එකට නැග්ගානේ ඔන්න වෙලාව 7.20යි
තව විනාඩි 35කින් වත් යන්න ඕනනේ සේවයට............


පාරට දාලා යනවා යනවා ඉතින් ටික දුරක් යනකන් කොහොමත් මම නෝමර්ල් ස්පිඩ් තමා.... හැමදාම මම කොහොමත් යන්නේ දැන් නම් නෝමල් ස්පිඩ් එකෙන් මොකද දෙසැම්බරේ උනු ඇක්සිඩන්ට් එකේ මාර්ක් ටික යන්තම් මැකිලා ගියා විතරනේ.. අනික ඒ දවස් වල දැනුන දුක වේදනාව මතක් වෙනකොට පයින් යන එක සැපයි කියලා හිතෙනවා..

කොහොම හරි අද ලේට් නිසා වේගේ ගොඩාක් වැඩි කියලා මටත් හොදටම තේරිලා තිබුනේ.. 30 ට යන්න බැරි දවසක මම 70ත් පැනලා යනවා..

ඔහොම යනකොට ඇත ම්ම දකිනවා මේ උදේ පාන්දර නලාවක් අතින් ගත්තු මාමා කෙනෙක් අත වනනවා නවතින්න කියලා...

කොහේ නවත්වන්නද ඒ අලිස් පොන්කල් ව පහු කරලා මිටර් 6යි සෙනිටිමිටර් 48 යි මිලි මිටර් 8 කින් මම වාහනේ නවත්ව ගත්තා ඔන්න..

මම ඉතින් ෆුල් ෆේස් එකක් දාලා උන්නු නිසා මැන් තවම මාව දැක්කේත් නැනේ...
මොකද මහත්තයා පන පිටින් දිව්ය ලොකේ යන්නද හදන්නේ (මිනිහා දන්නේ නැනේ මම කරන වැරදි.. එවාට යන්න වෙනම ලොකයක් හැදෙයිනේ)
ඔය තරම් වේගෙන් ඇත්තටම කොච්චි අල්ලන්න යනවැයි.. ( තව සිංහල වචන ගොඩායි ඒවා බ්ලොග් එකේ දාන්න බැනේ)

කොහොමෙන් කොහොමහරි තව වෙලා උන්නොත් මෙච්චර ස්පිඩ් ඇවිත්ලත් වැඩට යන්න බැරි වෙනවනේ වෙලාවට

ගැලෙව්වා මගේ ෆුල් ෆේස් එක...............

අහ් අනේ සර් මේ ඔයානේ... (මැන් මාව දන්න ගානයි... මටත් එකපාරටම ඔන්න මිටර් උනා)

ම්හ්ම්හ් සර් ලොකු හදිසියකින් වගේ...

අද ටිකක් ලේට් වෙලා සර් (මමත් ගරු සරු ඇතිව කතා කලා... කොහොමත් එහෙම කතා කරන පුරුද්ද නම් මට හොදට තියනවා)

හරි සර් එහෙමනම් ඉතින් යන්න.. තවත් ලේට් වෙනවනේ... මේකට ගන්න ඇක්ශන් එකක් දැන් නැනේ... හැබැයි ඉතින් ඔහොම ගිහින් කරගන්න ඒවට වන්දි ගෙවන්න වෙන්නේත් සර්ලාටම තමයි...

පරිස්සමෛන් යන්න එහෙමනම්...

මාත් ඉතින් ඔන්න කොට් නොගිහින් බේරිලා වැඩටම ආවා...

බලන්නකෝ තව ටිකෙන් මාත් කතන්දරේ වගේ කෝට් යනවනේ,........

අපරාදේ නේද??? ගියානම් මරුනේ....

කොහෙද කෑවනේ අර දන්න කියන මනුස්සයා...

අම්මෝ ඒ ගේමෙනුත් මම පාස් (මට ඔනේ මහත් වෙන්න - 2)

ඔයාලට මතක ඇතිනේ මම කිව වතුරවත් බොන්න එපා මට ඕනේ මහත් වෙන්න කියලා දාපු පොස්ට් එක... ඔන්න මතක නැත්නම් මෙතනින් ගිහින් ඒක බලන්නත් පුලුවන් ඔයාලට.... දේවාට ඕන උනේ ඉතින් මහත් වෙන්නනේ... මාස 2,3 ක් ඇතුලත බර කිලෝ 5,6 කින් අඩු උන එක ගැන ගැන ඉතින් දේවා ව පරික්ශා කරපු ඩොක්ටර් ටත් ප්‍රශ්නයක් වෙලා නේ.. කරකවලා අත අරින විදිහේ ප්‍රශ්න පත්තරයක්ම එදා ඇහුවනේ.... ඔය හැමදේම නෝමල්... ඉතින් ඩොක්ටර් මේකට හේතු හොයන්න කරන්න කිවනේ ටෙස්ට් ගොඩාක්

ගොඩාක් කිවට ඉතින් 3යි තමා


අමාරුම දේ පැය 10ක් නොකා ඉන්න එක තමා.. හැබැයි ඉතින් පැය 12කට වඩා ඉන්නත් එපා කිවනේ

ඕක කොහොමහරි කරන්න ඕන නිසා දේවා පැය 10ක් විතර නොකා ඉදලා බ්ල්ඩ් ටෙස්ට් එකට ගියා.

බැංකුව ලගම තියන මෙඩිකල් ලැබ් එකට....  යනකොට 7.50 ට විතර තමා... 8 ට කලින් ඉතින් වැඩට යන්නත් ඕනනේ

මෙඩිකල් ලැබ් එකේ බ්ලඩ් ගන්න ඩොක් කෙනෙක් නම් නෙමේ හිටියේ, එතන වැඩ කරන අක්කා කෙනෙක්.... නිතර බැංකු යන එන කෙනෙක් නිසා එතන තව 8,9 ක් උන්නත් ගිය ගමන් අහ්... එන්න සර් කියලා වැඩේ කරලා දෙන්න ඉදිරිපත් උනා...

ඉතින් ඔන්න ඉදගන්න කියලා වැල මිට ලගින් තද කරලා ටෙස්ට් තුනක් නිසා ගොඩාක්  ලේ ඕනා වෙනවා.. කියලා තඩි සිලින්ජරයක් අරගෙන ආවේ නැතේ...

මොනවා කරන්නද ඒ තරම් ලේ ඇගේ නැ කියලා හිතුනත් ගන්න ඉඩ දිලා බලන් උන්නා මම

ඔන්න ලේත් ගත්තා...

රිපොර්ට් ටික හවසට දෙන්නම් සර් කිය්ලා කිව නිසා ඔන්න ඉතින් මමත් ඉවසලා බලන් උන්නා,

හවස එනවා මෙන්න බොලේ  හිනහ වෙවි.. මම හිතුවා වැඩේ ඉවර තමා... මෙකි මට හිනහ වෙනවා මගේ රිපොට් අවුල් හින්දා කියලා

ලගට ඇවිත් කියනවා.... සර්ගේ බ්ල්ඩ් හොදට තියනවා, කිසි අවුලක් නැ... හැමදේම හොදටම හොදයි... කිසිම ලෙඩක් නැ කියලා..

නයි කයිද රොස් පාන් කිවලු.... ඔන්න ඉතින් ගේමක් දිලා මමත් නොකා ඉදලා දැන ගත්තා ඉතින් මට අවුලක් නැ කියලා

එත් එහෙමනම් ඇයි ම්මම කෙට්‍ටු උනේ... ( බර අඩු උනේ එක පාරටම ) ඔයාලටවත් හිතා ගන්න පුලුවන්ද ???? මට නම් හිතා ගන්නම බැ... ආයේ ඉතින් ඩොක් ලගට යන්නම් නේද මම????????

කියලා යන්නකෝ..................

21 June, 2011

ලියපු ලිපිය කී දෙනෙක් බැලුවද? දාගමුද ඒ වැඩ කැල්ලත්..

දේවා ඉතින් පොඩි හරි ගැජමැටික් කැල්ලක් සතියට එක පාරක් වත් දුන්නේ නැත්නම් ඇගටත් ටිකක් හරි මදි වගේ.. ඉතින් ඔන්න අදත් ආවා පොඩි වැඩ කැල්ලක් තරහ වෙන්න එපා මම මෙක ටෙස්ට් කරන්න මගේ බ්ලොග් එකට දැම්මේ නැ.. සදරු මල්ලි , ත‍ටු සිදුන සමනලි වගේ කිප දෙනෙක්ම කිවා මගේ බ්ලොග් එක ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා කියලා.. ඔන්න ඉතින් අපි අපේ පැත්තට එන අයට සලකන්න ඕනනේ

ඔන්න අද මම දෙන්නේ පොඩි දෙයක්.. එත් මම බලපු කාගෙවත් බ්ලොග් එකක මේ ගැජට් එක නම් දැක්කේ නැ... හැමොගෙම බ්ලොග් එක බලන්න එනකොට එන ගාන හිට්ස් වලින් බලා ගන්න පුලුවන්නේ
එක බ්ලොග් එකට දා ගන්නත් පුලුවනේ...
ඕක ගැන මට ආව ප්‍රශ්නයක් ගෑන මම කලින් කිවනේ

ඔන්න අද මම දෙනව ඔයාලා දාන පොස්ට් 1ක් ඔයාලගේ යාලුවෝ බලන වාර ගාන බන් වලා ගන්න පුලුවන් වැඩ කැල්ල ක්‍රම දෙකෙන් ඕන ක්‍රමයකට ඔයාලගේ බ්ලොග් එකට මේක දාගන්න පුලුවන්

ඉතින් දන්නවනේ මුලින්ම කරන්න ඕනේ කියලා

DashBoard  ගිහින්  EDIT  HTMLවලින් ගිහින්
එක්පැන්ඩ් විත්ගෙට් ( EXPAND WIDGET ) ක්ලික් කරලා
Ctrl + F ගහලා මෙක 
<div class='post-header-line-1'/>
හොයා ගන්නකෝ
ඔන්න මෙක හොයා ගත්තු නිසා මෙනන මේ කෝඩ් 2න් ඔයාලාට ඕන එක දාගෙන සේව් කරගන්නකෝ

STYLE 1


<b:if cond='data:blog.pageType == &quot;item&quot;'><div align='center' style='border:solid 2px #999999; padding:2px; margin:2px; width:100px; display:compact'><img height='16' src='http://forums.bit-tech.net/images-light/misc/stats.gif' width='16'/> <a href='http://sadaru-world.blogspot.com/'><b><font size='2'><script src='http://nirav07.ulmb.com/counter.php' type='text/javascript'/> Views</font></b></a></div></b:if>

STYLE 2
 
<b:if cond='data:blog.pageType == &quot;item&quot;'><div align='center' style='border:solid 2px #999999; padding:2px; margin:2px; width:100px; display:compact'><a href='http://sadaru-world.blogspot.com'><b><font size='2'><script src='http://nirav07.ulmb.com/counter.php' type='text/javascript'/> Views</font></b></a></div></b:if>

now save 
ඉතින් වැඩේ ඉවරයි

කැමති අය දාගෙන මටත් කියන්නකෝ
අමතක නොකර කමෙන්ට් දාලා ෆලෝ කරලා යන්නකෝ

20 June, 2011

බ්ලොග් (ර්) ද වැරදි , නැත්නම් මට පිස්සුද????

ඇත්තටම මම අද පොස්ට් එකක් නම් නෙමේ දාන්න ආවේ එත් මට පොඩි ප්‍රශ්නයක් තියනවා... සාමානයෙන් මම හිට්ස් ගැන ඒ තරම් හොයන්නේ නැ.. එත් අද මම මගේ බ්ලොග්ර් ඩැෂ් බෝඩ් එකට ගිහින් ස්ටැට්ස් වලට ගියා... මට අදහ ගන්න බැරි දෙයක් වෙලා... දන්න කියන කෙනෙක් මේ ගැන මට උදව් කරනවද? මොකද මට මේ ගැන ඒ තරම් ලොකු අවබෝදයක් නැ... අපි හිට් කවුන්ටට් හරි වෙන මොකක් හරි එකකින් මේ හිට්ස් දානවානම් ඒක දානකොට හරි පස්සේ හරි අපිට ඒක කැමති විදිහකට වෙනස් කර ගන්න පුලුවන්නේ... එත් මේ බ්ලොගර්ස්ලා දෙන එක වෙනස් කරන්න මම දන්නේ නැ.. එත් මේ ටිකේම මගේ පේග් විවුස් 1500 පැනලා යනවා...
ටැර්ර්‍ෆික් එක එන්නේ කොහෙන්ද කියලා බලනකොට එහෙම හොයාගන්න විදිහකුත් නැ..
බලන්නකෝ මේ පින්තුරේ..

දන්න කියන කෙනෙක් මට උදව් කරන්නකෝ, මට වැරදිලාද ? එහෙම නැත්නම් වෙන මොකක් හරි දෙයක් වෙලාද? ඊයේ දවසට මගේ පි‍ටු බලලා තියනවා 2778 ක්.. අද පොස්ට්  නොදා 1060 ගානක් ඉතින් එහෙම වෙන්න පුලුවන්ද? දවසකට 1500ක් විටර එනවනම් හිට්ස් ලක්ශ ගන්න ඉතින් ඒ තරම් දවස් යන්නේ නැනේ... කොහොමහරි හොද පොස්ට් එක්ක ඉක්මනටම හම්බ වෙන්නම්කෝ........... එතකන් බායි.... අනේ දන්න කියන කෙනෙක් මට උදව් කරලා යන්නකෝ.... ආහ් ෆලෝ කරන්නත් අමතක කරන්න එපා

19 June, 2011

මගේ යාලුවෝ ( Phone Love)

ඔන්න අදත් පොඩි ඇත්තටම උනු කතාවක් අරගෙන ආවේ.. සමහර අය මේකේ පොඩි පොඩි කැලි ඔයාලට හුරු පුරුදු ඇති.. එත් ඉතින් මේක නම් යාලුවෙකුට නම කිවට කමක් නැ මොකද මිනිහා මගේ බ්ලොග් එක තියා නෙට් එක පැත්තේ ටිකක්  එනවා අඩුයි... (එන්නෙම නැති තරම්) මිනිහාගේ නම  රංග (හොව් හොව් අර ගොඩාක් ෆේමස් බ්ලොග් ලියන රංග අය්යා එහෙම නෙමේ

මම මේ කියන රංග අද වෙනකොට වැඩ කරන්නේ ලංකාවේ ප්‍රසිද්ධ දුරකතන සමාගමක... ඒකනම් කියන්නේ නැ මොකක්ද කියලා.. හැබැයි පහලම ග්‍රේඩ් එකට ටිකක් උඩින් හොදේ.. ඒ හින්දා කොම්පිටර් එහෙම අත ගන්න වෙන්නේ එහෙමත් වෙලාවක තමයි..


මේක වුනේ අපි 9, 10 ඉන්න කාලේ..
මරු පිස්සු වයසනේ... කෙල්ලෙක් හිනා උනත් හිතන්නේ කැමතියි කියලා කිව්වා වගේ..

මේ රංගත් එහෙම තමා.. (එතකොට උබ බබා එහෙමනේ දැන් ඔයාලා කියන්නේ....... )

රංග ස්කොලේ (අපෝ අපි ඉගන ගන්න එකට ගියා තමයි... ඔයාලා හිතන්නේ අපි එහෙම කලේ නැ කියලා නෙමේනේ)
එන්නේ බස් එකේ.. මගේ හෙන ෆේඩා.. කියවන හැම දේම ඉතින් කියවන්නේ දේවා එක්ක තමා..

දවසක් උදේ එනකොට මිනිහගේ මුනේ මලක් පිපිලා වගේ (ඉහේ කිවට එක මම දැක්කේ මුනේ එකයි)
ආව ගමන් මිනිහා බැග් එක ඩෙස් එක උඩින් දාලා පිම්මේ ආවා මං ලගට

මොකද බන් රංග.. එනකොට ප්‍රිති සින්ටා වත් හම්බ උනාද? (ඌට හෙන හින්දි පිස්සුවකුත් තිබුනා ඒ කාලේ.. නිලියගේ නම නම් සුවර් නැ මට)
නැ බන් මට එකිගේ නංගිව අද බස් එකේදි හම්බ උනා

නැ..... ඇයි බන් එකි ලංකාවට ඇවිත්ද ෂුටින් වලටවත් මම අහපි..

නැ බුරුවෝ (ආදරේට මට එහෙම කියපු උන් හිටියා ඒ කලේ.. එත් දැන් උන්ට  තේරිලා උන් කවුද කියලා)

මට අද මාර පිස්සු හැදෙන ලස්සන කෙල්ලේක් සෙට් උනනේ බන් බස් එකෙදි

එකි මෙහෙම මෙතන ,  මම ඒ සිට් එකෙම අනිත් පැත්තේ (මෙකේ ඉදගෙන යන්න පුලුවන් 2ටයි හොඩේ)
මම පොඩ්ඩ්ක් කතාව දාලා බැලුවා.. ඉස්සර වෙලා නම් කතා කලේ නැ බන්.. වචනයක් වත්..

පස්සේ ටිකකින් පුලුවන්නම් ඔය ජනෙලේ ඇරලා දෙනවද කියලා අහලා කතා කලානේ බන්..

ඉතින් උබ පැනලා ඇරලා දුන්නා ඉතින්...මමත් එහෙම අහුවා...

නැතුව කොහොමද බන්.. ඊට පස්සේ නම් ඔන්න පොඩ්ඩක් කතා කලා තැන්ක්ස් කියන්න

මමත් අරි මේ ගේම කියලා ආයේ ඉතින් නම එහෙම අහලා බැලුවා..

මොකක්ද බන් නම ඉතින්

පොඩ්ඩක් ඉදින්කෝ... නම මචන් කුරුප්පු..

මොකක් මුරුක්කු කිවේ...

ඔක මටත් ඇහුනේ ඔහොම තමා පස්සේ හරි නම දැනගත්තේ..
සංජිවනි කුරුප්පු..

ඉතින් මගෙත් ස්කොලේ ලං වෙන හින්දා පොඩ්ඩක් ට්‍රයි එකක් දාලා නම්බ්ර් එක ඉල්ලා ගත්තා බන්...

කෝ බලන්න...

අනේ මේ මගේන් ඕන දෙයක් ඉල්ලපන්.. මේක නම් දෙන්නේ නැ....

මොකක්ද බන් අපි යාලුවොනේ... පෙන්නපන්කෝ ඕක....

බැ බන් මම අද කතා කරලා පස්සේ වැඩේ ගොඩ ගියහම උබට පෙන්නන්ම්කෝ...

අනේ තියා ගනින් උබේ ඔය බම්බු නොම්බරේ... (මම එහෙම නොකිව එකේ මොඩකම පහුවෙනිදාම මට දැනගන්න හම්බ උනා)

අනේ දේව් (දැන් දේවා උනාට ඒ දවල් වල දේව්.. )

බලපන්කෝ අරකි මාව අන්දලානේ...
පොන් එකේ සල්ලි ඉවර වෙයි කියලා කතා කරනකොට මම 100 කඩ් 2කුත් අරන් ඊයේ ගෙදර ගියා කෙල්ලට කතා කරන්න

කාඩ් දෙක දාගෙන ඊයේ මම නම්බ්ර් එක ගහලා ආසාවෙන් පොන් එක කනේ තියාගෙන ඉන්නකොට කියපි

ආයුබෝවන් මේ ඩයලොග් පාරිභෝගික සේවාවයි,..
කරුනාකර........

මට එකේ නම්බර් එක දිලා තියෙන්නේ...

හොදම වැඩේ මට පෙන්නුවනම් මම කියනවනේ එක.. දැන් ඒ රු 200 ටම අය්යා මල් කඩයිනේ....



කියවල ඉවර වෙලා කමෙන්ට් කරලා ෆලෝ කරලා එහෙම යන්නකෝ

වි . කි :  මගේ යාලුවෝ ඔහොම උනාට දේවා එහෙම නැ හොදේ...


සල්ලි ගෙවලා අපායේ යාම

වෙසක් දවස් , පොසොන් දවස් පහුවෙලා ගිහින් ආයේ ඉතින් එන්න තියෙන්නේ ඇසල දවසනේ.. ඒකත් ඇවිත් යයි මේ වගේ එත් ඇත්තටම වෙනදා නැති උනන්දුවක් මේ පාර වෙසක් පොසොන් එකට හැමොම ලග තිබුනා.. ගොඩාක් දෙනා එක එක විදිහේ පින්කම් කරගත්තනේ.. මේ එහෙම දෙයක්මම නම් නේමේ.. ගොඩාක් පොඩි කාලේ දේවා බලාන් ඉන්නේ වෙසක් පොසොන් එනකන්.. මොකද හැමතැනම දන්සල් නේ කොහේ හරි ඇවිදින්න යන එක දේවා ගේ පවුලේ වෙන දෙයක්.. කට්ටියම එකතු වෙලා එහෙම ගමනක් යන එකත් එක විදිහක සතුටක්

මේ පාර වෙසක් එකට එහෙම මුකුත් නොකල හින්දා, පොසොන් එකේ කට්ටිය සෙට් වෙලා පොඩි ගමනක් සෙට් කොලා.. මේ තියෙන්නේ ඉතින් ඒ ගමනේ මතක හිටපු තැන් වලින් පොඩ්ඩක් තමා.. හැබැයි ඉතින් මෙතන කාපු බිපු තැන් ගැන නම් 4ටෝ මුකුත්ම නැ.. කනකොට බොනකොට ඕවා කරන්න මතක් වෙන්නේ කාටද අනේ

ඉස්සරවෙලාම ගියේ නාමල් අංගේ කියන තියෙන්නේ මැල්සිරිපුර කියන හරියේ තමයි ඔන්න
එහේ තමයි අර අපායට යන්න සල්ලි දෙන්න ඕනේ.. තව තැන් කිපයක මම දැකලා තියනවා එහෙම සල්ලි දිලා අපායේ යනවා.. ඒකටදර් ඉතින් මුකුත් කියන්නත් බැනේ... විහාර සංවර්ධනයටනේ සල්ලි එකතු කරගන්නේ.. ඒවට නිසි ප්‍රතිපාධන ලැබෙනවා නම් ඕවා නවතිවි..
එතන බලන්නකෝ



මෙච්චරක් තියනවානම් අපායේ යන්න පුලුවන්   
මේ තියෙන්නේ තව නාමල් අංගේ 4ටො ටිකක්






ඊට පස්සේ නාමල් උයනේ තමා ගියේ.. ඒත් ගියපාර යනකොට නම් කන්ද රෝසම රෝස පාටයි.. වැඩ ඉන්නා බුදු හාමුදුරුවොත් රෝස පාටයි.. එත් දැන් රෝස ගල් කැල්ලක් හොයාගන්නත් නම් ගොඩාක් අමාරුයි..
ඒකට යන්නත් රුපියල් 20ක් ගෙවලා ටිකට් එකක් ගන්න ඕනා..
එතන හොද දෙයක් නම් කරනවා.. පොලිතින් කිසිම දෙයක් ගෙනියන්න දෙන්නේ නැ.. බැග් හිටන් බලලා අයින් කරනවා..., ඔන්න දේවා කන්දේ නගින්න පුලුවන් උපරිම උසටම නැග්ගා.. ගොඩාක් අය පිලිමේ ලගින් නවතිනවනේ.. එත් තව ඒ වගේ 2 , 3 ඉහලට නගින්න පුලුවන් කදු තියනවා.. ඇත් ගොඩාක් ලස්සනට පේන.. ගත්තු පොටෝ ටිකක් මම මෙතන දාන්නන්ම්කෝ

ඔය ඉන්නේ දේවා  තමයි







තව තැන් කිපයකටම ගිහින් පාන්දර 4 වෙනකොට දේවා ගෙදර ආවා.. ඉතිරි තැන් පස්සේ දාන්නම්කෝ.. කියලා යන්නකෝ කොහොමද මේවා කියලා
පුලුවන්නම් ෆලෝ කරන්න්නකෝ මට ඒවා ගොඩාක් වටිනවා


18 June, 2011

වතුරවත් බොන්න එපා... (මට ඕනේ මහත් වෙන්න)

ඉතින් අද ඉතින් නිවාඩු දවසනේ දේවා කාලයක ඉදන් ඉතින් පොඩි වැඩක් කරන්න කියලා හිත හිතා උන්නා.. එත් ඉතින් ඒකට වෙලාවක් තිබුනේම නැනේ... එත් මේක ඒ තරම් කල් දදා ඉන්න පුලුවන් දෙයකුත් නෙමේ.. දේවාට තියෙන්නේ ඒ තරම් ලොකු සරිර කුඩුවක් නෙමේනේ.. මතකද ඒ දවස් වල ක්‍රිකට් ටිම් එකේ උන්නු උපුල් චන්දන. අහ්. කුමාර ධර්මසේන ( දැන් නම් වින්ස්චර් නිසා ටිකක් විතර ‍ෆිට් බොඩියක් ඇවිත්ද කොහෙද) ම්ම මේ කිවේ ඒ දවස් වල ටිම් එකේ සෙල්ලම් කරන කාලේ එයලගේ බොඩි එක ගැන.. අන්න ඒ වගේ තමා මාත්.. උස නම් තියනවා 5.5 ක් විතර.. එත් ඉතින් අදින්න වෙන ඇදුම් 28 , 29 වගේ තමා.. ඔය අස්සේ දේවා ගිය අවුරුද්දේ දෙසැම්බරේ 14 දිහා වුනු මාරාන්තික ඇක්සිඩන්ට් එකක්ටත් මුන දිලා දවස් 3,4ක් හොස්පිටල් ඉදලා හදා ගත්තු ඔක්කොම අසනිප ටික කාලයත් එක්ක හොදවුනා...  (කාලේත් එක්ක කිවට මම නිකන් බලාන උනේ නම් නැ.. මුනේ තිබුනු පොඩි කැලල මකා ගන්නම පඩියෙන් 6න් කොටසක් විතරම වියදම් කලා මාස 2,3ක්.. ඒකට පාඩු නැ, දැන් ඉතින් එහෙම අවුලක් පැල්ලමක් මුනේ නැ.. කැඩුනු දත් 2ත් ශේප් එකේ හදා ගත්තානේ) එත් ඔය ඔහොම යනකොට තමයි මම මේ කාලයක් තිස්සේ බලාන උන්නු වෙලාවක් නොතිබුනු නිසා හොද කරගන්න බැරි උනු ලෙඩෙත් හැදිලා තියෙන්නේ...

තවත් බලාගෙන හිටියොත් නම් මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.. මොකද මසෙකට 2ක 3ක් ඇතුලත මගේ බර කිලෝ 6,7 කින් අඩු වෙලා..



අනේ තිබුනෙත් කිලෝ 50ක් විතර... ඕකත් අඩු වෙලා ගියහම මොන දෙය්යන්ට කියන්නද?????
ඒ මදිවට අදින්න ගත්තු ගොඩාක් ඇදුම් දැන අදින්න්ත් බැ .... මාර ලොකුයි

ඉතින් ඕකට බේත් ගන්න යන්න කියලා හිතාගෙන උන්නත් වෙලාවක් හම්බ උනේම නෑනේ...
බැන්ක් එකට එන ගොඩාක් හිතවත් කෙනෙක් නිසා අදුන ගත්තු ඩොක්ටර් කෙනෙක් ලගට යන්න කියලා ඉතින් උදේම මම පිටත් උනා.. මේකට හොස්පිටල් එකක් නම් කියන්න බැ.. පුදගලික රොහලක් කියන වචනෙත් ගැලපෙන්නේ නම් නැ ඉතින්..
කොහොමහරි ඩොක්ටර් සර්ලා මිස්ලා ඉන්න ලෙඩ්ඩු ඉන්න සාත්තු කරන්න කට්ටිය ඉන්න තැනක්..
තාම රොද 4ක යන්න තරම් දේවා ලොක්කෙක් නෙමෙනේ... සුපුරුදු රෝද 2න් තමා අදත් ගමන...
යනකොට අදුන්වලා දුන්නු කෙනා (එයා වැඩ කරන්නෙත් එතන තමා) අහ්  එන්න මල්ලි කියලා ඩොක් ලගට ගියා ඔන්න

මට ඉතින් කියන්න දෙයක් නැ මේ දේ ගැන ඔක්කොම කියලා..
මම කිවා මට ගොඩාක් නෙමේ සාමන්න්යෙන් ටිකක් මහත් වෙන්න තමා ඕනේ කියලා..
ගොඩාක් දේවල් අහලා ඒ හැම දේකිනම මම නොර්මල් හින්දා ඕංංංං කරගෙන එන්න කියලා පරික්ශන ගොඩාක් ලියලා දුන්නා
ඒවා දැන් කරන්න බැ අනේ.. මොකද ඉතින් ඒක කරන්න පැය 10-12  අතර කාලයක් නොකා ඉන්න ඕනලු.. ඉතින් මම ඒ වැඩේ අනිද්දාට කල් දාගත්තා..  මොකද ඉතින් මම ඒ වෙනකොටත් කාලානේ..

ඔය අතරේ ඩොක් ලෙඩ්ඩු ටික බලන්න යන්න ඕන වෙලාවත් ලං වෙලා.. මගෙත් වැඩේ කරගත්තානේ.. ටෙස්ට් ටික කරගෙන රිපොට් ගෙනකන් බොන්න සිරප් එකකුත් දුන්නා...  මාත් එන්න එනකොටම ඩොක් එක ලෙඩෙක් ලග නතර වෙලා අහනවා ඇයි ඔයා ඔය ටොපියක් කන්නේ කියලා..

මමත් ඉතින් බැලුවා මොකද මේ ටොපි කන්න තහනම්ද කියලා දැන ගන්නත් එක්ක..

ඩොක් අහනවා දැන් මම ඔයාට මොකක්ද ඉස්සරවෙලා කියලා ගියේ  අයේ මම කියනකන් වතුරවත් බොන්න එපා කියලා නේද?
ඔව් ඩොක්ටර් මම තාම එහෙම කලේ නැනේ.
එහෙමනම් ඇයි මේ ටොපියක් කන්නේ ඉතින්

ඩොක්ටර් වතුර බොන්න එපා කියලා කිව නිසා මම වතුර බිවේ නැ ඩොක්ටර් දැන් මේ බත් එක කාලා ටොපියක් විතරයි කැවේ කිවලු
ඩොක් ඉතින් එහෙමනම් අයේ පැය 10ක් මුකුත්ම නොකා ඉන්නවා වතුර විතරක් නෙමේ කන බොන කිසිම දෙයක් කන්න බැ හොදද?

ම්ම්ම් මටත් ඉතින් ඔය දේම හෙට රාත්‍රියේ කරන්න වෙනවනේ..   මම නම් ඉතින් නිදා ගන්න ටයිම් එක තමා එකට පාවිච්චි කරන්නේ...
ඔයාලටත් මෙහෙම දේවල් වෙලා තියනවද?????
මහත් වෙන්න කරන්න හොදම දේ මොනවද? කමෙන්ට් කරලා ෆලෝ කරලා යන්නකෝ

17 June, 2011

ATM දෙය්යෝ... නාලා ද ඉන්නේ

 පොස්ට් 50 ක් දාලා ඉවර උනානේ.... දැන් ටිකක් සොමියට බර එක එක අයව අන්දපු  අපි ඇදපු නාපු... ගොඩාක් මගේ ජිවිතේ උනු අහපු දැකපු දේවල් ටිකකුත් 50 ඉදන් 100 වෙනකන් පොස්ට් වල ලියවෙයි.. ඔන්න මේ කතාව එහෙම කතා වලින් පලවෙනි කතාව.. හැබැයි ඔන්න මේක මට උනු දෙයක් වත් මම කරපු දෙයක්වත් එහෙම නෙමේ හොදද???
මම මේ තරම් කැත වැඩ කරන්නේ නැ අනේ...

දන්නවනේ දේවා වැඩ කරන්නේ බැංකුවේ කියලා.. බැංකුවකට සම්බන්ද කතාවක් තමා මේක....
ගොඩාක් අය බැංකුවක් ඇතුලට ඇවිත් සල්ලි ගන්න ,පොලිමේ ඉන්න එහෙම පොඩ්ඩක් කැමති නැනේ... තියන වැඩත් එක්ක බලන කොට ඒවගේ දේවල් වලට වැඩි කාලයක් ගන්න එකත් අපරාදේනේ...

ඔන්න ඒකට විසදුමක් විදිහට ඔය ATM මැශින් ආවේ.. මම වැඩ කරන බ්‍රාන්ච් එකෙත් ඒව තියනවා.. කොච්චර ඒවා මට වටිනවද කිවොත් දවසේ පැය 9ක් විතර බැංකුව ඇතුලෙම ඉදලත් එලියට ඇවිත් ATM 1නේ කියක් හරි අතට ගන්නේ .. ගොඩාක් ඕක කරන්නේ ඒකෙන් ගානක් තව බැංකුවටම ලැබෙන නිසා තමයි

ඕන් ඉතින් කතාව නොකියා වටේ ගියා.. ලොකු කතාවක් නෙමේ හින්දා තමයි ටිකක් වටේ ගියේ දැන් කතාව කියන්නම්කෝ....
කමක් නැනේ







ඔය එහෙම මැශින් එකක් ආපු අලුත කොල්ලෙක්ට දාපු ඇත්තම ඇත්ත බයිට් එකක් තමා මේක


මේ බ්‍රාන්ච් එකට ATM ආපු අලුතම නැති උනත් ටිකක් ලොකු කස්ටම් බේස් එකක් තියන නිසාත් ගොඩාක් අය නිතර ගැවසෙන තැනක් හින්දා කොහොමහරි ATM එකක්  සෙට් කරලා.. ටිකක් ඉතින් ඕක මැජික් වගේනේ දේවාටත් පොඩි කාලේ තිබුනා ලොකු ප්‍රශ්නයක්.. ඔය ඒටිම් එකේ වැඩ කරන කෙනා නිදා ගන්නේ එහෙම නැද්ද අපි මහ ‍රැ 12ට 2 කට ගියත් මෙකා ඉල්ලපු ගමන් සල්ලි දෙනවානේ කියලා.. කාලයක් හිතුවා ඉල්ලපුවහම ගානක් ඇත්ලේ ඉන්න අය එකට ඕන කරන 2000 , 1000 , 500 , 100 කොල වලින් ඒවා තොරලා ගානට එවනවා කියලා.. 
දැන් නම් එකේ වෙන්නේ මොනවද කියලා දේවා අකුරක් නැර දන්නේ ගොඩාක් ඒකේ වැඩ බ්‍රාන්ච් එකේ කරන්නේ දේවා නිසා.. ම්හ්.... හෝව්.. හෝව්...සමහර දේවල් ඕනාවට වඩා කියන්න හොද නැනේ...

මේ එට්ම් එක ආව දවස් වල බ්‍රාන්ච් එකේ හැමෝම ඉතින් මේ ඒටිම් කාඩ් එහෙම අරගෙන.... ඒට්ම් කාඩ් එකක් යුස් කරනවා කියන්නෙත් ඉතින් මාරම ගති තියන පොශ් වැඩක්නේ සමහර අයට...


ඔන්න ඒ දවස් වල මේ බ්‍රාන්ච් එකේ වැඩට උදව් කරපු (ඒ කිවේ ඉතින් ඔය චමරියේ උයන්න එහෙම උදව් කරන) කොල්ලෙක් ඉදලා තියනවා සුමතිපාල කියලා
ඔය මම කියපු මැනුත් ඉතින් ලොකු ගානක බැලන්ස් එකක් එකවුන්ට් එකේ නැතත් කාඩ් එකක් එහෙම අරගෙන..

දැන් ඉතින් ගත්තට මේක පාවිච්චි කරන්න මිනිහා දන්නේ නැනේ ඕක ඉතින් අහගන්න කියලා පොඩ්ඩක් බැංකුවේ පියන් ට ලං වෙලා


සුමති පාල : අනේ අබේ අය්යේ මම කාඩ් එකක් නම් ගත්තා එත් වැඩ කරගන්න දන්නේ නැනේ .. පුලුවන්නම් කියලා දියන්කෝ


පියන් : කාඩ් එකක් කිවේ පෝ කාඩ් එකක්ද???


සුමති පාල : නැ අය්යේ අර ඉස්සරහ හිටොලා තියන පෙට්ටියට දාන කාඩ් එකක්
පියන් : ආහ්.... මේ දෙය්යන්ගෙන් සල්ලි ඉල්ලන කාඩ් එකක්ද??


සුමති පාල : ඔව් අය්යේ.. මම මොකද කරන්නේ ඒකෙන්


පියන් : ම් ම් ම් දැන් උබ නාලා එහෙමද ඉන්නේ.. අද මුකුත් පිලිහිඩි එහෙම කාලා නෙමේ නේද ඉන්නේ...


සුමතිපාල : ඒ මොකටද අය්යේ,... උදේ නාලා අවේ.. තාම දවල්ට කැවේ නැනේ...


පියන් : එහෙමනම් එක ඇතුලට ගිහින් මේක මම කියන විදිහට කරපන් හොදද???  /#@^&%*+_!%&***&^%$(*@^%$@^

පස්සේ ආරංචි උනු විදිහට පියන් කියපු විදිහට මැන් වැඩේ කරලා
කරලා තියෙනේ මෙහෙමලු
ඉස්සරවෙලාම ATM එක වටේ වට තුනක් ඇවිදලා ඇතුලට ගිහින් දන ගහලා වැදලා..
ඊට පස්සේ ඉතින් කිවලු උඩහ ගෙදර කංකානම්ලාගේ නීල් සුමති පාල පෙරේරා නොහොත් සුමති වන මේ ගැත්තාට අනුකම්පා කරන සේක්වා.. වැඩ රාජකාරි ගොඩාක් පුරවන් ඉන්න ඔබ තුමා ලගට ඇවිත් මෙහෙම කියන්නේ හෙට නැන්දම්මලාගේ ගෙදර අරන් යන්න කිරි හට්ටි මුට්ටියකුකි කෙහෙල් ඇවරියකුයි ගන්න අතේ පිච්චියක් වත් නැති හින්දා කියක් හරි ඉල්ල්ලා ගන්න කියලායි..


 (ඕක කියන ගමන් ඔබන්න ඕන බට්න් ටික හරියට ඔබන හැටිත් පියන් කියලා දිලා.. ඒ හින්දා සල්ලි ගන්න ඕන ස්ටෙප් ටික එහෙමම යනවලු) 


ඊට පස්සේ ඕං ආයේ කියන්වාලු මට මේ ටිකට සල්ලි ටිකක් දෙන්න මම ඉක්මනට ආයේ ගෙනත් දෙනවා සත්තයි...  ඕ ඉතින් සල්ලි ටික ආවා කියමුකෝ.. ඊට පස්සේ ඉතින් අයේ පාරක් පෙරලිලා වැදලා ATM දෙයියන්ට පින් දිලා එහෙම ආවලු..


පලවෙනි මෙහෙම කතාව හින්දා හිනා නොගියොත් කිති කවාගෙනවත් හිනාවෙන්නකෝ

වි.කි : ( විශේෂ කියමන ) : මේ සිදුවිම ඇත්තටම සිදු වු කතාවක් ලෙස අසා ඇති අතරම මගෙන් වත් මා වැඩ කරන තැනවත් සිදු වුවක් නොවන අතර එසේ වරදවා වටහා නොගන්නා ලෙස ඉල්ලා සිටින්නෙමි....

16 June, 2011

50යි , එත් දවස් 48 යි. දෙනවද ඉතින් ශක්තිය හැමදාටම

මේක ලියන්න උන්නේ නම් මම තව දවසකට දෙකකට පස්සේයි... එත් අදම මම මේක ලියන්න හිතුවා.. මොකද මේක නොලිවොත් තව ලියන්න උන්නු පොස්ට් දෙක තුනක් ගොඩාක් පස්සට දාන්න වෙනවා එහෙම කරන එක හොද නැනේ..

මේ මම මගේ බ්ලොග් එකේ ලියන 50 වෙනි ලියවිල්ල... මම මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ 2011 - 04 - 30 ඒ කියන්නේ අදට දවස් 48 කට ඉස්සරවෙලා.. එදා පටන් ගත්තු මේ අඩවිය එදා කිවේ මේ නමින් නෙමේ කියලා එදා ඉදන් මාත් එක්ක උන්නු ඔයාලා දන්නවනේ.. සදරුගේ  ලෝකය වෙලා තිබුනු මේ අඩවිය දේවා ගේ අඩවිය උනේ මේ බ්ලොග් අවකාශයේ ඉන්න තවත් ගරු කටයුත් කෙනෙක් ඒ නමින් පෙනි ඉන්න නිසයි... සදරු මලයන්ඩි ඔන්න අදත් ඒ වෙනුවෙන් මම සමාව ඉල්ලනවා

ගොඩාක් දෙනෙක් මාත් එක්ක ඉන්නවා කියලා මම දන්නවා මගේ යාලුවනේ... මේ වෙනකොට මාව ෆලෝ කරන අය ඉන්නවා 49ක් මම හිතනවා මේ 50 වෙනි පොස්ට් එකෙන් ඒක 50 වෙයි කියලා..

සමහර වෙලාවට මගේ බ්ලොග් එකේ ගොඩාක් එක එක ගැජට් කැලි දාගන්න විදිහ ගැන ලියවුනු පොස්ට් තමයි වැඩි පුරම මගේ අතින් ලියවුනේ... දැන් මගේ බ්ලොග් එකේ දැන් ටිකක් එක එක ටොපික් ගැන එක එක ලිපි ලියවෙනවා..  තව ඉස්සරහට ගොඩාක් ලොකු වෙනසක් එක්ක බ්ලොග් ‍ෆිල්ඩ් එකේ ගොඩාක් ලොකු කාලයක් ඉන්න බලපොරොත්තුවේන් ඉන්නවා.. ඒකට මට මගේ යාලුවෝ මාත් එක්ක ඉන්නවනේ..

මම ඒ තරම් ඔය හිට් එක ගැන නම් දන්නේ නැ ඕන්න
බ්ලොගර්ස්ලා අලුතෙන් දිලා තිබුන බ්ලොග් ස්ටැට්ස් එක අනුව නම් මගේ බ්ලොග් එකේ ඔයාලා පෙරලපු පි‍ටු (මම පෙරලන ඒවා එයා ගනන් කරන්නේ නැහැලු) ගාන අද වෙනකොට 12730 වෙලා.. ඒ කියන්නේ ඉතින් අඩුම තරමේ දවසකට 265 විතරක් වෙනවනේ.. ෆලෝස් ලා 49 ක් වෙනකොට ඉතින් කමෙන්ට් 250 ක් විතර ලැබුන එක ගැන මට ගොඩාක් සතු‍ටුයි..
සිංහල බ්ලොග් කියවනය , ලාංකිය සිතුවිලි , හත්මාලු . දෙරන , සිගිරි වගේ මේ සිංහල බ්ලොග් ක්ෂේත්‍රයට විශාල සේවාවක් කරන සින්ඩි වලින් මගේ බ්ලොග් පොස්ට් බලන්න ඔයාලට පුලුවන්..


ගොඩාක් දෙනා මට කමෙන්ට් වලින් ප්‍රසිද්දියේ. සමහර මම ගොඩාක් ගරු කරන අය අප්‍රසිද්දියේ මට මේ ‍ෆිල්ඩ් එකේ ඉන්න ගොඩාක් උදව් කරනවා.. ඒ අයට වගේම මගේ ගුරුතුමි වෙච්ච සංසාරේ අපි ලියන පුන්චි ප්‍රාණියාටත් ඒ වෙනුවෙන් හදවතින්ම ස්තුති කරන්න මේක අවස්තාවක් කරගන්නවා..

ගොඩාක් හොද දේවල් එක්ක ගොඩාක් ලොකු කාලයක් ඔයාලත් එක්ක ඉන්නවා කියලා 50 වෙනි මේ ලියවිල්ලත් එක්ක පොරොන්දු වෙනවා (ගොඩාක් අය කියයි උන්නත් එකයි අපිට නැතත් එකයි.. අපිට ඒකෙන් සත පහක සෙතක්වත් පාඩුවක් වත් වෙන්නේ නැ කියලා) ඔව් ඒක ඇත්ත මම ඒ තරම් වටින කියන චරිතයක් නෙමේ ඔයාලට.. එත් මම මේ සිංහල බ්ලොග් වලට ගොඩාක් ආදරෙයි.. ගොඩාක් මේක මට වටිනවා..

කැමති අය ෆලෝ කරලා කමෙන්ට් එහෙම දාලා මට ශක්තියක් වෙන්නකෝ...
ඔයාලගේ ශක්තිය මට කියා ගන්න බැරි තරම් වටිනවා

14 June, 2011

ඕනාවට වඩා පෙන්නනේ නැති වැඩ කැල්ල බ්ලොග් එකට දාගමුද?

කාලෙකින් මුකුත්ම ගැජමැටික්ස් ටෙක් මුකුත්ම නම් දෙන්න බැරි උනානේ... ඉතින් ඒක යාලුවොත් කියලා තිබුනනේ.. ඔන්න අද අරගෙන ආවා පොඩි වැඩ කැල්ලක්.. කැමති අය බලාලා දාගන්නකෝ

පොඩි දෙයක් තමයි ඉතින් මේක නම්, ඔයාලා බ්ලොග් එකේ ලියන පොස්ට් ගොඩාක් දිග වැඩි උනහම එහෙම අනිත් පොස්ට් එක බලාගන්න ටිකක් අමාරුයිනේ...

ඔන්න ඉතින් ඒකට පොඩි විසදුමක් අරගෙන ආවා... ඔයාලා ලියන බ්ලොග් පොස්ට් වල ටොපික් විතරක් බ්ලොග් එකේ පෙන්න දා ගමුද මේ වගේ




ඉතින් ඔන්න ඔහොම කරන්න මුලින්ම Dash Board යන්නකෝ ගිහින්  Design වලින් Eidt HTML තොරගන්නකෝ

මෙන්න මේක
</head>

ctrl + F ගහලා හොයාගෙන ඉට පස්සේ මම දෙන මේ කෝඩ් එක
</head>එකට පස්සේ දාගන්නකෝ

<style type='text/css'>

<b:if cond='data:blog.pageType != "item"'>
.post {
margin:.5em 0 1.5em;
border-bottom:0px dotted $bordercolor;
padding-bottom:1.0em;
height:50px;
}
.post h3 {
margin:.25em 0 0;
padding:0 0 4px;
font-size:20px;
font-family:Tahoma,Georgia,Century gothic,Arial,sans-serif;
font-weight:normal;
line-height:1.4em;
color:#cc6600;
}

.post h3 a, .post h3 a:visited, .post h3 strong {
display:block;
text-decoration:none;
color:#cc6600;
font-weight:normal;
}

.post h3 strong, .post h3 a:hover {color:#333333;}

.post-body {display:none;}
.post-footer {display:none;}
.comment-link {display:none;}
.post img {display:none;}
.post blockquote {display:none;}
.post blockquote p {display:none;}
h2.date-header {display:none;}
.post-labels {display:none;}
.post-rating {display:none;}

</b:if>

</style>

දැන් ඉතින් ඒක සේව් කර ගන්නකෝ

ඊට පස්සේ යන්නකෝ කියන එකට එතකොට ඔයාලගේ බ්ලොග් පොස්ට් වැටෙන පොස්ට් කියලා කො‍ටුවක් තියනවනේ එකේ එඩිට් කියලා තියන එක කිලික් කරලා එන වින්ඩෝ එකේ එක පි‍ටුවක තියන්න ඕන පොස්ට් ගාන දාලා සේව් කරන්නකෝ
එතකොට වැඩේ ගොඩ
කරලම බලන්නකෝ
 පුලුවන්නම් ෆලෝ කරලා කමෙන්ට් දාලා ම0  එක්ක ඉන්නකෝ